01

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0375/2019: හෝප් වතුයා‍යේ විශ්‍රාමික කම්කරුවන්: ඊපීඑෆ්, ඊටීඑෆ් සහ විශ්‍රාම පාරිතෝෂික

375/’18

ගරු වේලු කුමාර් මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු හෝප් වතුයා‍යේ 2002 වර්ෂයේදී සේවය   කරන ලද වතු කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      වර්ෂ 2000 සිට 2015 දක්වා මෙම වතුයායේ සේවය කර විශ්‍රාම ගැන්වූ  පිරිමි සහ කාන්තා වතු කම්කරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එසේ විශ්‍රාම ගැන්වූ කම්කරුවන් අතරින් මේ වනවිටත් සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවා නොමැති කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් කම්කරුවාගේ නම, සාමාජික අංකය, සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකයේ හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

*     සභාමේසය මත තබන ලද පිළිතුර:

*      சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

*      Answer tabled:

(අ)           (i)      වතු කම්කරුවන් 621

              (ii)     

වර්ෂය

සේවය කර ගැන්වූ

විශ්‍රාම

 මුළු සංඛ්‍යාව

 

පිරිමි සංඛ්‍යාව

ගැහැනු සංඛ්‍යාව

 

2000

17

21

38

2001

3

4

7

2002

2

2

4

2003

9

9

18

2004

8

9

17

2005

8

6

14

2006

0

3

3

2007

4

8

12

2008

6

12

18

2009

6

13

19

2010

7

2

9

2011

10

13

23

2012

9

13

22

2013

18

15

33

2014

9

7

16

2015

14

11

25

Total

130

148

278

(iii)      සේ.නි.භා අරමුදල                     = 0

                        සේවක අර්ථ සාධක අරමුදල           = 1108

                        විශ්‍රාම පාරිතෝෂිතය                     = 238

              (iv)      කරුණාකර, ඇමුණුම* බලන්න.

(ආ)            අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks