01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0370/2019: No. of Workers in Loolkandura Plantation and their EPF and ETF details

370/’18

ගරු වේලු කුමාර් මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2002 වර්ෂයේදී ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු ලූල්කඳුර වතුයා‍යේ සේවය කරන ලද වතු කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       වර්ෂ 2000 සිට 2015 දක්වා මෙම වතුයායේ සේවය කර විශ්‍රාම ගැන්වූ  පිරිමි සහ කාන්තා වතු කම්කරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එසේ විශ්‍රාම ගැන්වූ කම්කරුවන් අතරින් මේ වනවිටත් සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවා නොමැති කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් කම්කරුවාගේ නම, සාමාජික අංකය,  සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකයේ හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-25

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks