පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
345/’18
ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු මැද පළාතේ, පාසල් විශාල සංඛ්‍යාවක ඉස්ලාම් ආගම සහ බුද්ධාගම විෂය ඉගැන්වීම සඳහා ගුරු හිඟයක් ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-20
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) උතුරු මැද පළාතේ පළාත් පාසල්
උතුරු මැද පළාතේ පළාත් පාසල් සඳහා 01/2016 චක්‍රලේඛය අනුව,
· බුද්ධාගම විෂයය සඳහා අනුමත ගුරු සංඛ්‍යාව 357ක් වන අතර දැනට ගුරුවරුන් 408දෙනෙකු සේවයේ යෙදී සිටී.
· ඉස්ලාම් ආගම සඳහා අනුමත ගුරු සංඛ්‍යාව 63ක් වන අතර දැනට ගුරුවරුන් 83දෙනෙකු සේවයේ යෙදී සිටී.
ඒ අනුව, උතුරු මැද පළාතේ පළාත් පාසල් සඳහා බුද්ධාගම හා ඉස්ලාම් ආගම විෂය ඉගැන්වීම සඳහා ගුරු හිඟයක් නොමැත.
උතුරු මැද පළාතේ ජාතික පාසල්
උතුරු මැද පළාතේ සිංහල මාධ්‍ය ජාතික පාසල් 09ක් ඇති අතර, එම පාසල්වල ඉස්ලාම් ආගම සහ බුද්ධාගම විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු නොමැත. උතුරු මැද පළාතේ ඇති එකම දෙමළ මාධ්‍ය ජාතික පාසල වන අනුරාධපුර සහිරා මහා විද්‍යාලයේ ඉස්ලාම් ආගම විෂයය සඳහා එක් ගුරු පුරප්පාඩුවක් පවතී.
(ii) ආගමික විෂයයන් ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයන් ඉගැන්වීම සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට විභාග කොමසාරිස් ජනරාල් විසින් 2019.05.22 දින තරග විභාගය පවත්වා ඇත. ඉන් සමත් වන අයදුම්කරුවන් සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා එහි ප්‍රතිඵල මත ඉස්ලාම් ධර්මය හා බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා ගුරුවරුන් දිවයිනේ ජාතික හා පළාත් පාසල් සඳහා බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ.
එහිදී, උතුරු මැද පළාතේ සහිරා මහා විද්‍යාලයේ ඉස්ලාම් ආගම විෂයය සඳහා පවතින පුරප්පාඩුවද උක්ත ක්‍රමවේදය යටතේ සුදුසුකම් ලැබුවෙකුගෙන් හෝ විද්‍යාපීඨ නව පත්වීම්ලාභියෙකුගෙන් පිරවීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks