පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
106/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015 වර්ෂයේ සිට මේ දක්වා,
(i) මිය ගොස් ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව;
(ii) වකුගඩු රෝගයට ගොදුරු වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව;
(iii) සිදු කර ඇති වකුගඩු බද්ධ කිරීම් සංඛ්‍යාව;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) වකුගඩු රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ කවරේද;
(ii) වකුගඩු රෝගය සඳහා කෘෂි රසායන භාවිතය හේතු වී තිබේ නම්, එම රෝගය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ සභාගත කරන්නේද;
(iv) වකුගඩු රෝග පාලනයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කර තිබේද;
(v) එසේ නම්, එම ජාතික ප්‍රතිපත්තිය සභාගත කරන්නේද;
(vi) වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ රෝහල්වල අවශ්‍ය තරම් පවතීද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-19
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
2015 |
2016 |
2017 |
2018 |
2019 |
|
මිය ගොස් ඇති සංඛ්‍යාව |
2204 |
2135 |
2159 |
2187 |
දත්ත එක්රැස් කිරීම අවසන් වී නැත. |
(ii)
|
වර්ෂය |
2015 |
2016 |
2017 |
2018 |
2019 |
|
වකුගඩු රෝගින් සංඛ්‍යාව |
මෙම වර්ෂය වන තෙක් වර්ෂ අනුව දත්ත එක්රැස් කිරීමක් සිදු වී නැත. |
6565 |
6016 |
4921 |
දත්ත එක්රැස් කිරීම අවසන් වී නැත. |
(iii)
|
වර්ෂය |
2015 |
2016 |
2017 |
2018 |
2019 |
|
වකුගඩු බද්ධ කිරීම් |
294 |
246 |
270 |
271 |
දත්ත එක්රැස් කිරීම අවසන් වී නැත. |
(ආ) (i) 1. අනුරාධපුර
2. පොළොන්නරුව
3. බදුල්ල
4. කුරුණෑගල
5. වවුනියාව
6. මාතලේ
7. අම්පාර
8. ත්‍රිකුණාමලය
9. මොනරාගල
10. පුත්තලම
11. හම්බන්තොට
12. මුලතිව්
13. මන්නාරම
(ii) කෘෂි රසායන වකුගඩු රෝගය සඳහා හේතු වී ඇති බවක් විද්‍යාත්මක පර්යේෂණවලින් ස්ථිරව සනාථ කර නොමැති වුවත්, එම රෝග පාලනයට කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධාන කර ඇත.
(iii) පැන නොනඟී.
(iv) ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ එක් වී ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ වී ඇත.
(v) පැන නොනඟී.
(vi) ඔව්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks