පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
58/’18
ගරු හේෂා විතානගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැන්දලන්ද හා ගොඩගම නමින් ගම්මාන තිබෙන බවත්;
(ii) එම ගම්මාන තවමත් ඉතා දුෂ්කර තත්ත්වයක පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම ගම්මානවලට අවශ්‍ය පොදු පහසුකම් සපයා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-06
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැන්දලන්ද නමින් ගමක් ඇත. ගොඩගම නමින් ගමක් නොමැති අතර, ගොඩයාගම නමින් ගම්මානයක් ඇත.
(ii) කැන්දලන්ද හා ගොඩයාගම යන ගම්මාන දෙකම තරමක් දුෂ්කර ගම්මාන වේ.
(ආ) ගම්පෙරළිය වැඩසටහන යටතේ ගොඩයාගම - මීගහඅරාව යා කෙරෙන පාලමක් ඉදි කිරීමට අදාළව රුපියල් ලක්ෂ 20ක (රු.2,000,000.00) ප්‍රතිපාදන අනුමත වී ඇති අතර, අදාළ ගිවිසුම අත්සන් කර පාලම ඉදි කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.
සමෘද්ධි වැඩසටහන් මඟින් කරඳගහමඩ ග්‍රාම නිලධාරි වසම තුළ පවුල් 37ක් සඳහා සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම උදෙසා වැසිකිළි ඉදි කිරීමට යෝජිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks