01

E   |     |  

 දිනය: 2019-08-08   පිළිතුර ලබා දී ඇත 

0053/2019: "පුරනැගුම" යටතේ සංවර්ධනය කළ සෞඛ්‍ය මධ්‍යස්ථාන: විස්තර

53/’18

ගරු හේෂා විතානගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      යහපාලන රජය බලයට පත් වූ දින සිට අද දක්වා පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශයේ “පුරනැගුම” වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලැබූ සෞඛ්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) ඒවායේ නම් හා ඒ සඳහා වැයකරන ලද මුදල කොපමණද;

(iii) ඌව පළාතේ සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ මෙතෙක් ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-08

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)       සෞඛ්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 28කි.         

               (ii)      ඇමුණුම* බලන්න. 

                          වැය කරන ලද මුදල - රුපියල් මිලියන 174.43

              (iii)      මෙම ව්‍යාපෘති යටතේ බදුල්ල, හල්දුම්මුල්ල හා රිදීමාලියද්ද යන ප්‍රාදේශීය සභාවල සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත. ඉදිරියේදී ඌව පළාත තුළ වකුගඩු රෝග නිවාරණය සඳහා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ඇත. නව සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමට හෝ පවත්නා මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමට මෙතෙක් යෝජනා වී නොමැත.

(ආ)  පිළිතුරු සපයා ඇත.

පිළිතුරු දුන් දිනය

2019-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks