01

E   |     |  

 දිනය: 2019-09-04   පිළිතුර ලබා දී ඇත 

0044/2019: රාස්සගල රෝහල වසා දැමීම නිසා ජනතාව මුහුණ දෙන ගැටලු: විසඳුම්

44/’18

ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බළන්ගොඩ, රාස්සගල ප්‍රාදේශීය රෝහල නායයෑමේ අවදානමක් හේතුවෙන් වසා දමා තිබෙන බවත්;

             (ii)      දැනට රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ රාස්සගල ආයුර්වේද මධ්‍යස්ථානයේ ඉහළ මහලේ බවත්;

(iii) ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව පීඩාවට ලක්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-04

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      2017 මැයි මාසයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් රාස්සගල ප්‍රාදේශීය රෝහල පිහිටි භූමිය නායයාමේ අවදානමකට ලක් විය. එම රෝහලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එහි සේවාවන් තාවකාලිකව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවේ නිල නිවාසයේ පවත්වාගෙන යන ලදී.

              (ii)      රෝහල පිහිටි භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර, 2019.05.27 දින සිට නැවතත් රෝහල ක්‍රියාත්මක වේ.

(iii) පැන නොනඟී.

(ආ) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks