01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0596/2018: Solutions to issues faced by the local industrialists

596/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දේශීය    කර්මාන්තකරුවන් මුහුණපාන ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව 2018.03.05 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  රැස්වීමක් පැවැත්වූ බවත්;

(ii) එහිදී උක්ත විෂය හා සම්බන්ධිත කරුණු අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස  කමිටුවක් පත් කළ බවත්;

එතුමා පිළිගන්නෙහිද?  

(ආ) (i) මේ වනවිට ඉහත කමිටුව රැස් වී ඇති වාර ගණන සහ ගනු ලැබූ ප්‍රධාන තීරණ කවරේද;

(ii) විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ සිල්ලර වෙළඳාමෙහි  යෙදීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ නිර්දේශය සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ කවරේද;

(iii) දේශීය කර්මාන්ත, සේවා හා වෙනත් ව්‍යාපාර සඳහා තර්ජනයක් විය හැකි එට්කා ගිවිසුම පමා කිරීමට හෝ අත්හිටුවීමට උක්ත රැස්වීමේදී උපදෙස් ලබා දුන්නේද;

(iv) උක්ත රැස්වීමෙන් පසු ඇතිවූ කාර්යසාධනය පිළිබඳ සංක්‍ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks