01

E   |     |  

 දිනය: 2018-09-04   පිළිතුර ලබා දී ඇත 

0562/2018: Disaster loans for teachers Wayamba province

2144/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වයඹ පළාතේ සේවය කරන ගුරුවරු සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

             (ii)       2015 වර්ෂයේ සිට මේ  දක්වා ගුරුවරුන්ට ආපදා ණය ගෙවීම සඳහා නිදහස් කර ඇති මුදල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iii) 2015 සිට මේ දක්වා ආපදා ණය ඉල්ලුම් කළ ගුරුවරුන් සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මේ වනවිට ආපදා ණය ගෙවා ඇති ගුරුවරු සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) දැනට ආපදා ණය ගෙවා නොමැති ගුරුවරුන්ට එම ණය ගෙවීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-04

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks