01

E   |     |  

 දිනය: 2018-10-26   පිළිතුර ලබා දී ඇත 

0547/2018: Housing Loans according to Party Loyalty Eheliyagoda

547/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2018 වර්ෂයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් නිවාස ණය ලබාදීම සඳහා ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නාම ලේඛනයක් යවා තිබේද;

            (ii)      නොඑසේ නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එවැනි ලේඛනයක් සකස් කර තිබේද;

(iii) එකී ලේඛනයට ඇතුළත් පුද්ගලයන් සියලුදෙනාම පාහේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් පුද්ගලයන් වීම සිදුවූ‍යේ කෙ‍සේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එකී පුද්ගලයන්ගේ දේශපාලන පක්ෂපාතීභාවය දැනගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ කේෂ්ත්‍ර නිලධාරින් මාර්ගයෙන් විමසීමක් සිදු කළ හැකි බව පිළිගන්නේද;

(ii) එසේ විමර්ශනයක් සිදු කිරීමට එකඟ වන්නේද;

(iii) නොඑසේ නම්, දේශපාලන පක්ෂපාතීත්වය අනුව නිවාස ණයදීම අනුමත කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-26

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks