01

E   |     |  

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,- ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය වසර කිහිපය මුළුල්ලෙහි ප්‍රයත්නයන් ගණනාවක්ම දරා ඇති හෙයින් ද;
මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අවස්ථා ගණනාවක දී විශේෂ කාරක සභා පත්කර ඇති හෙයින් ද;
එකී කාරක සභා විසින් අන්තර්වාර වාර්තා කිහිපයක් ඉදිරිපත් කර ඇති හෙයින් ද; සහ
එකී කාරක සභා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති හෙයින්;
පහත කරුණු ද ඇතුළත් වන පරිදි මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි:-
(අ) මැතිවරණ සම්බන්ධයෙන් වන නීති, විශේෂයෙන්ම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එම පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීම;
(ආ) මෙම පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම;
(ඇ) මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම. (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර)
2. (අ) කථානායකවරයා විසින් කාරක සභාවෙහි සභාපතිවරයා මන්ත්‍රීවරයන් නම් කළ යුතු ය; සහ සහ සාමාජික
(ආ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුට (12) නොවැඩි විය යුතු ය.
3. එම කාරක සභාවට
(අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
(ආ) ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව, ලබා ගැනීමට ද;
(ඇ) කාරක සභාවේ සහාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද; සහ
(ඈ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තබනු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණ ද රැස්වීම් පවත්වාගෙන යාමට ද,බලය තිබිය යුතු ය.
4. කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට වසර එකක (01) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළත දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk





ආශ්‍රිත තොරතුරු

2026-05-22 14:00:00

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කදිරවේලු ෂන්මුගම් කුගදාසන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුනීර් මුලාෆර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවී කරුණානායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම. නොපැමිණි විස්තර

2026-05-25

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කිරීම සඳහා වන...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks