පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 මැයි 26 දිනැති අංක 1864/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(ii) 2012 වර්ෂය සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ
(iii) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ
(iv) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ
වාර්ෂික වාර්තා
(v) 2013 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
සුළු අපනයන භෝග ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත්” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2014 අගෝස්තු මස 22 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks