පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු හරින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු කරුපයියා වේලායුදම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(ii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ
(iii) 2008 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
“විශේෂ නඩු පවරන නිලධාරී” නමැති තනතුරක් ඇති කිරීම
රාජ්‍ය සේවය දේශපාලන බලපෑම්වලින් තොර බවට සහතික කරනු වස්, ආයතනවල ගුණාත්මකභාවයට බලපාන ලෙස සිදුකළ අයථා පරිහරණයන්, දූෂණයන් හෝ අකාර්යක්ෂමතාවයන් පිළිබඳ සිද්ධීන්, ස්වාධීන කොමිසම්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් වාර්තා කළ වහාම ඒ සම්බන්ධ පැමිණිලි මෙහෙයවන, පාර්ලිමේන්තුවට සෘජුවම වාර්තා කරනු ලබන තනතුරක්, “විශේෂ නඩු පවරන නිලධාරී” නමින් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරීම සම්බන්ධ නීති සම්පාදනය
නිවෙස්වල හෝ අලෙවි කිරීම සඳහා ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු අතර, එම සතුන්ගේ පැටවුන් අලෙවි කිරීම නීත්‍යානුකූලව අවසරලත් මධ්‍යස්ථානවලදී පමණක් සිදුකළ යුතු බවත්, එසේ නොවන ස්ථානවල ඇති කරන ගැහැණු සතුන් අනිවාර්යයෙන්ම වන්ද්‍යාකරණයට ලක් කිරීමටත්, අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධනය කිරීම
අම්පාර දිස්ත්‍රික්කයේ අභාවයට යන සම්ප්‍රදායික කර්මාන්ත වන අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, තල් කොළ හා පන් ගස්වලින් පෙට්ටි, වට්ටි හා පැදුරු විවීම, කොහු කර්මාන්තය හා වේවැල් කර්මාන්තය යනාදිය සංවර්ධනය කර, එම ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථාවන් උදාකරදීමෙන් ඔවුන්ගේ ආදායම නංවාලීමට රජය කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
මෝටර් වාහන හා සම්බන්ධ වන්දි නඩු සඳහා ලඝු කාර්ය පටිපාටියක් හඳුන්වාදීම
මෝටර් වාහන හා සම්බන්ධ හදිසි අනතුරුවලින් මියගිය තැනැත්තන්ගේ උරුමකරුවන්ට සහ යැපෙන්නන්ට ද, එවැනි හදිසි අනතුරුවලින් තුවාල ලැබූ තැනැත්තන්ට ද වන්දි ලබාගැනීම සඳහා ඉතා අසීරු සහ දීර්ඝ අධිකරණ ක්‍රියාදාමයකට සහභාගීවීමට සිදුවීමෙන් ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්වන බැවින්, මෝටර් වාහන හා සම්බන්ධ වන්දි නඩු සඳහා ලඝු කාර්ය පටිපාටියක් හඳුන්වා දෙන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 134 සිට 138 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පියසේන ගමගේ පදනම (සංස්ථාගත කිරීමේ)
(ii) බෝධිරාජාරාම අධ්‍යාපනික හා සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)
(iii) වසන්ත සේනානායක පදනම (සංස්ථාගත කිරීමේ)
(iv) ලංකාවේ රෝමානු කතෝලික අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා (සංශෝධන)
(v) ජෝන් සෙනෙවිරත්න පදනම (සංස්ථාගත කිරීමේ)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන්ට පහර දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1908 ට 2014 අගෝස්තු මස 19 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks