පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වන යෝජනාව. (2014 ජනවාරි 20 දිනැති අංක 1846/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(iii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තියෙහි (1) වැනි උප වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති. (අංක 962 දරන සුරාබදු නිවේදනය)
(iv) කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උප වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (අංක 963 දරන සුරාබදු නිවේදනය)
(v) 2012 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ
(vi) 2011 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ
(vii) 2012 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ
(viii) 2008 සහ 2011 වර්ෂ සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල)
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනත යටතේ තීරණය
සභාව විසින් සම්මත කරන ලදී.
පහත (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2,3,7 සහ 8 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
පහත (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ජාතික මාර්ග සංවර්ධන ප්‍රතිපත්තියක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2014 මාර්තු මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks