බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ වෙළද, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(ii)   2010 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන (සංශෝධන)

ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    තාක්ෂණ සහ සමාජ සේවා වැඩි දියුණු කිරීම සඳහා අධ්‍යාපන මධ්‍යස්ථානය (සංස්ථාගත කිරී‍මේ)
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කනක හේරත් මහතාට අවසර දෙන ලදී.

(ii)    ශ්‍රී ලංකා ප්‍රභා ලේඛක සමිති සම්මේලනය (සංස්ථාගත කිරී‍මේ)
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. බී. ෆාරුක් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් විදේශ කටයුතු අමාත්‍යතුමා සහ සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2014) - කාරක සභා අවස්ථාව

2014 විසර්ජන පනත් කෙටුම්පතේ විසිතුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

2014 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද  95  කින් සම්මත කරන ලදී.

 

වැඩි විස්තර සඳහා, 'අයවැය 2014' වෙත පිවිසෙන්න.

 

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 10 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(ii)   වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iii)  විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්
(iv)  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත ය‍ටතේ නියෝගයන් දෙකක්
(v)   දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(vi)  රේගු ආඥාපනත යටතේ යෝජනාව
(vii) ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ නියෝග

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1805 ට 2014 ජනවාරි මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks