බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ
(ii)    2011 වර්ෂය සඳහා සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ
(iii)    2011 වර්ෂය සඳහා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ

වාර්ෂික වාර්තා

(iv)    2012 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ
(v)    2012 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ලුම්බිණි සංවර්ධන භාරය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වී. කේ. ඉන්දික මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“රජයේ සේවකයන්ට අදාළ කාරණා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 ඔක්තෝබර් මස 8 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks