පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) (52 වැනි අධිකාරය වන), සුරාබදු ආඥාපනතේ 22(1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය (2013.04.03 දිනැති අංක 1804/16 දරන අති විශේෂ ගැසට් පත්‍රය) (අංක 957 දරන සුරාබදු නිවේදනය)
(ii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලද නියෝගය (2013.05.10 දිනැති අංක 1809/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iii) 2012 වර්ෂය සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ
(iv) 2012 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v) 2012 වර්ෂය සඳහා ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(vi) 2009/2010 සහ 2010/2011 වර්ෂ සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි
(vii) 2010/2011 වර්ෂය සඳහා සී/ස. ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ
වාර්ෂික වාර්තා
පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා
2013 පෙබරවාරි මස 19 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද, “තාක්ෂණ, පර්යේෂණ හා පරමාණු බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව”, “තාක්ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව” යනුවෙන් හැඳින්විය යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තිලංග සුමතිපාල මහතාට අවසර දෙන ලදී.
(ii) “මර්කස් සකාෆතුල් ඉස්ලාමියා (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. බී. ෆාරුක් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“පාසල් සඳහා තාක්ෂණික විෂය ධාරාවක් හඳුන්වා දීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2013 ජූලි මස 12 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks