E   |     |  

2026 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 106 සහ 78(ආ) වගන්ති සමඟ කියවිය යුතු 105 වගන්තිය යටතේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සාදන ලදුව, 2026 මාර්තු 12 දිනැති අංක‍ 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති. 
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, ම‍ාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල, මොනරාගල, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. 
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බලශක්ති  අමාත්‍යාංශය (විදුලිබල අංශය) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා     
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා      

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
‘සෙස්’ බද්ද සහ දේශීය කර්මාන්ත පිළිබඳ ගැටළු

(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ ගැටළු

ගරු මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 


අමාත්‍යාංශ නිවේදන

අනාගත සයිබර් යුද්ධ සහ සංවිධානාත්මක සයිබර් අපරාධවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 2026.05.19 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වෙනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ගරු එරංග වීරරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය. 



ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:- 

(i)    අභාවප්‍රාප්ත ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රදාස ගලප්පත්ති මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු නන්දන ගුණතිලක මහතා
(v)    අභාවප්‍රාප්ත ගරු ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා
(vi)    අභාවප්‍රාප්ත ගරු ටී. කනගසබෙයි මහතා


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1629 ට 2026 ජුනි මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks