E   |     |  

2021 පෙබරවාරි මස 10 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XIV කොටස; සහ
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XIV, XV හා XVI කොටස්,  සිව්වැනි කාණ්ඩයේ VI කොටස, පස්වැනි කාණ්ඩයේ IV, V හා VI කොටස් සහ හයවැනි කාණ්ඩයේ XI, XII, XIII, XIV, XV  හා XVI කොටස්;

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─
•    විදේශ රැකියා ක්‍ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - XX කොටස;
•    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යට‍තේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් පුරවැසි ප්‍රඥප්තියට අනුකූලව මහජන සේවාවන් ඉටුකිරීම පිළිබඳ කාර්යසාධනය ඇගයීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - XXI කොටස;  සහ
•    ත්‍රිපෝෂ වැඩසටහනේ කාර්යසාධනය ඇගයීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - XXII කොටස; ද
දහවැනි කාණ්ඩයේ─
•    ගොවිජන සේවා කාරක සභා සඳහා 2016 සහ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂ සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති විශේෂ සංක්ෂිප්ත වාර්තාව සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - XX කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)    2018 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(vi)    2018/2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව

(vii)    සීමාසහිත එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු විමල් වීරවංශ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩිලාන් පෙරේරා මහතා           -    පෙත්සම් දෙකයි
(ii)    ගරු චන්දිම වීරක්කොඩි මහතා       -     පෙත්සම් තුනයි
(iii)    ගරු බුද්ධික පතිරණ මහතා          -      පෙත්සම් හතරයි
(iv)    ගරු ජයන්ත කැටගොඩ මහතා                    
(v)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය -  පෙත්සම් දෙකයි
(vi)    ගරු අකිල එල්ලාවල මහතා                    
(vii)    ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා                    
(viii)    ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා   
                              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු බුද්ධික පතිරණ මහතා
(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
(iii)    ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
(iv)    ගරු ලලිත් එල්ලාවල මහතා

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ටයිල් ආනයනය කිරීම

 

අමාත්‍යාංශ නිවේදන

(i)    නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් 2021.01.08 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

(ii)    ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් 2020.11.27 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පිඟන් ගඩොල් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 පෙබරවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks