පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම
‘B’ : අද දින විවාදය සඳහා කාලය භාවිතා කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VI සහ VII කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(ii) 2017 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන
(iii) 2019 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (ග්‍රන්ථය 01 සහ ග්‍රන්ථය 02)
(iv) 2018 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(v) 2019 වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vi) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii) 2019 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii) 2019 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(ix) 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තා
(x) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමණාකරණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 සැප්තැම්බර් 02 දිනැති අංක 2191/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xiii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 23 දිනැති අංක 2198/57 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xiv) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 26 දිනැති අංක 2199/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xv) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 28 දිනැති අංක 2203/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xvi) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3(3) වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020 අගෝස්තු 21 දිනැති අංක 2189/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3(3) වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020 ඔක්තෝබර් 12 දිනැති අංක 2197/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii) 2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ අපගමන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 සැප්තැම්බර් 21 දිනැති අංක 2194/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 10 දිනැති අංක 2201/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 16 දිනැති අංක 2202/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 24 දිනැති අංක 2203/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ තොරතුරු පද්ධති අධ්‍යයන අංශයක් සහ රසායන විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(iii) ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
(iv) ගරු ඩිලාන් පෙරේරා මහතා
(v) ගරු චාමර සම්පත් දසනායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
කොවිඩ්-19 හේතුවෙන් සිදුවන මරණ ආදාහනය කිරීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(1)හි විධිවිධානවල සහ 2020 සැප්තැම්බර් මස 08 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙ හි කුමක් සඳහන්ව තිබුණ ද, 2020 දෙසැම්බර් මස 08 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි එක් දෙනෙකුගෙන් (21) සමන්විත විය යුතු ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2021) පනත් කෙටුම්පත - විසිවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
විසර්ජන (2021) පනත් කෙටුම්පත (අයවැය) සභාව විසින් සංශෝධන සහිතව අද දින වැඩි ඡන්ද 97 කින් (පක්ෂව 151; විරුද්ධව 54) සම්මත කරන ලදී.
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නියෝග
(iii) විදේශ විනිමය පනත යටතේ යෝජනා සම්මතය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1832 ට 2021 ජනවාරි මස 5 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks