E   |     |  

2020 දෙසැම්බර් මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014  සහ 2015 වර්ෂ සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා
(ii)    2016 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v)    2018 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vi)    2017 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vii)    2017 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(viii)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ix)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්මාන්ත සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව
(x)    2015 සහ 2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(xi)    2017 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xii)    2015/2016 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xiii)    2018 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xiv)    2018 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xv)    2017 සහ 2018 වර්ෂ සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමණාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තා සහ විගණනය කරන ලද ගිණුම්

(xvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජයන්ත සමරවීර මහතා        -  පෙත්සම් තුනයි
(ii)    ගරු තිස්ස අත්තනායක මහතා                    
(iii)    ගරු විජිත හේරත් මහතා         -  පෙත්සම් පහයි
(iv)    ගරු හර්ෂණ රාජකරුණා මහතා                    
(v)    ගරු නිමල් පියතිස්ස මහතා                    
(vi)    ගරු සුදත් මංජුල මහතා           -  පෙත්සම් දෙකයි   
               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තමාට එරෙහිව පළ කළ අදහස් පිළිබඳව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - දහසය වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි අධිකාරිය යටතේ පවතින ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම නිසා ජාතීන් අතර අසමඟිය වැඩි වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1936 ට 2020 දෙසැම්බර් මස 7 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks