E   |     |  

2020 පෙබරවාරි මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

ගරු රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 30 වගන්තිය ප්‍රකාරව, 2019 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2019.01.01 - 2019.03.31) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
(ii)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) සහ 153ඌ ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා (2019.07.01 - 2019.09.30) විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
(iii)    ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ    41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2018 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2018.01.01 - 2018.03.31) සහ දෙවැනි කාර්තුව සඳහා (2018.04.01 - 2018.06.30) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තා; සහ
(iv)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41ආ(6) සහ 55(5)  ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා (2019.07.01 - 2019.09.30) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව

(iv)    2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපබෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 ඔක්තෝබර් 31 දිනැති අංක 2147/72 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(v)    2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපබෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 14 දිනැති අංක 2153/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(vi)    සුරාබදු ආඥා පනතේ (52 අධිකාරය) 4, 13 සහ 17 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 සැප්තැම්බර් 27 දිනැති අංක 2142/77 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 05/2019 දරන සුරාබදු නිවේදනය)
(vii)    සුරාබදු ආඥා පනතේ (52 අධිකාරය) 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 2152/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 07/2019 දරන සුරාබදු නිවේදනය)
(viii)    සුරාබදු ආඥා  පනතේ (52 අධිකාරය) 12, 14 සහ 22 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ  සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 2152/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 08/2019 දරන සුරාබදු නිවේදනය)
(ix)    සුරාබදු ආඥා පනතේ (52 අධිකාරය) 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 2152/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 09/2019 දරන සුරාබදු නිවේදනය)
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග    119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 30 දිනැති අංක 2156/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය, නාගානන්ද ඉන්ටනැෂනල් ඉන්ස්ටිටියුට් ෆො බුඩිස්ට් ස්ටඩීස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතන වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 06 දිනැති අංක 2157/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    “ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සහ එහි කාර්ය සටහන් එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි සහ දෙවැනි වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම  කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(v)    සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ඩුලිප් විජේසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
(vi)    ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මයන්ත දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(vii)    ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා විසින් පිළිගන්වන ලදී.
(viii)    කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
තෙල් මිල සංශෝධනය කිරීම

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”  

ඉදිරිපත් කිරීමට ගරු අශෝක ප්‍රියන්ත මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 21 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
(ii)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(iii)    සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015/2016)
(iv)    ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(v)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(vi)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(vii)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(viii)    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(ix)    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(x)    ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xi)    සී/ස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016/2017)
(xii)    පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xiii)    වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xiv)    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xv)    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xvi)    වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xvii)    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xviii)    ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xix)    ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xx)    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)

 

කල් තැබීමේ යෝජනාව

“ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ වෝහාරික විගණන වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2020 පෙබරවාරි මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks