E   |     |  

2020 පෙබරවාරි මස 07 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: “ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්
B: “ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්
C: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii)    2013/2014 සහ 2014/2015 වර්ෂ සඳහා මාන්තයි සෝල්ට් ලිමිටඩ් හි වාර්ෂික වාර්තා සහ ගිණුම්

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් පී. පෙරේරා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රිනී ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    ආබාධ සහිත ප්‍රජාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් 2020.02.06 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විසින් පිළිතුරු සපයන ලදී.

(ii)    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂණ සම්බන්ධයෙන් 2020.02.06 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය, ගරු ප්‍රසන්න රණතුංග මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම පිණිස වූ

“වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු සී. නන්ද මැතිව් මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු (වෛද්‍යාචාර්ය) රංජිත් අතපත්තු මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු ප්‍රින්ස් කාසිනාදර් මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු එම්. එස්. තේමිස් මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1511 ට 2020 පෙබරවාරි මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks