බලන්න

E   |     |  

2019 සැප්තැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

(ii)    2018 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v)    203 අධිකාරය) මෝටර් වාහන පනතේ 164 වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ සලකුණු, සංඥා, සංකේත සහ මාර්ග ලකුණු කිරීම් සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජුනි 18 දිනැති අංක 2128/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා                

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය ආධාර ලබාදීම

 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනාවට සභාව එකඟ විය -

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 51(3)(ආ)හි විධිවිධානවල කුමක් සඳහන් වුවද, කථානායකතුමා විසින් 2019 ජුනි 27 වැනි දින ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලද “ඌව පළාත් සභාවේ සංචාරක සංවර්ධන කාර්යංශ ප්‍රඥප්ති කෙටුම්පත” පිළිබඳව ස්වකීය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2019 නොවැම්බර් 29 වැනි දින දක්වා දීර්ඝ කිරීමට මෙම පාර්ලිමේන්තුව අවසර ලබාදිය යුතුය.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“මිනිස් ජීවිත සහ දේපලවලට එල්ල වන වල් අලි ප්‍රහාර” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1706 ට 2019 ඔක්තෝබර් මස 8 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks