පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අංශයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2018.02.23 සිට 2018.10.12 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.04.04 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ දෙවැනි වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අප්‍රේල් 04 දිනැති අංක 2117/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු සිසිර ජයකොඩි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2019 ජූලි 22 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරනු ලදුව අනුමත විය.
ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 40 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 42 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 02 ක් ප්‍රකාශ විය.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1833 ට 2019 අගෝස්තු මස 1 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks