බලන්න

E   |     |  

2019 ජූලි මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘B’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘C’ :  “ඌව පළාත් සභාවේ සංචාරක සංවර්ධන කාර්යාංශ කෙටුම්පත් ප්‍රඥප්තිය” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යාවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2016 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(iii)    2016 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(v)    2018 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව
(vi)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව
(vii)    2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii)    2017 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ix)    2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(x)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xi)    2017 වර්ෂය සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii)    2014 වර්ෂය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xiii)    2016 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව

(xiv)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xv)    2018 වර්ෂය සඳහා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

(xvi)    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ වෛද්‍ය උපකරණ (මිල නියම කිරීම) සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 15 දිනැති අංක 2114/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xvii)    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ ඖෂධ (මිල ඉහළ සීමා) සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මැයි 15 දිනැති අංක 2123/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xviii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටුවීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019  අප්‍රේල් 30 දිනැති අංක 2121/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(xix)    1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 36 වගන්තිය යටතේ 2012 අගෝස්තු 30 දිනැති අංක 1773/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් අවසන් වරට සංශෝධනය කරන ලද 1988 ජුනි 02 දිනැති අංක 508/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග තවදුරටත් සංශෝධනය කරමින් ජනාධිපතිවරයාගේ එකඟත්වය පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජනවාරි 24 දිනැති අංක 2055/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ වාර්තාව ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම

 

අමාත්‍යාංශ නිවේදන

(i)    කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාවට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් 2019.06.07 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින්

සහ

(ii)    සමෘද්ධි සහනාධාර ලබාදීමේ දී පැනනැගී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් 2019.06.06 දින ගරු අනුර දිසානායක මහතා විසින්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය, ගරු දයා ගමගේ මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන) - 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii)    පඩිපාලක සභා (සංශෝධන) - පඩිපාලක සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

ඉහත සඳහන් පනත් කෙටුම්පත් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

2019 ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙ හි කුමක් සඳහන්ව තිබුණ ද, 2019 ජූලි 08 වැනි දින  තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි පහත සඳහන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවන් හි නාමයන්,

නැවත නම් කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    පරිපූරක මුදල - ශීර්ෂය 117- වැඩසටහන 02 (මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය)
(ii)    සක්‍රිය වගකීම් කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය
(iii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හතරක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වතු ප්‍රදේශයන්හි උප තැපැල් කාර්යාල පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වේලු කුමාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1902 ට 2019 ජූලි මස 10 වැනි බදාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks