පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය සාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2018 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2014/2015 වර්ෂ සඳහා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව
(viii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ix) 2017 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව
(x) 2016 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xi) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව
(xiii) 2016 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiv) 2018.02.23 සිට 2018.10.12 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.04.04 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ දෙවැනි වාර්තාවේ බස්නාහිර පළාත් සභාව, මාතලේ මහ නගර සභාව, ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාව සහ ත්‍රිකුණාමල නගර සභාව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv) 2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi) 2017.07.01 සිට 2017.09.30 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.01.24 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ අනු කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු නිරෝෂන් පෙරේරා මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු මහින්ද රාජපක්ෂ මහතා
2018/2019 විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු
වැඩබලන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය, ගරු ලකී ජයවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
මන්දපෝෂණ තත්වය හේතුවෙන් හම්බන්තොට ප්‍රදේශයේ දරුවෙක් මිය යාම පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීම
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(iii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ශ්‍රී ලංකා - ජර්මානු වෘත්තීය පුහුණු ආයතනයේ කිලිනොච්චි ශාඛාවේ අඩුපාඩු
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය, ගරු කරුණාරත්න පරණවිතාන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන පිළිබඳව ලංකාදීප පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) විදේශ ආධාර ලබන පාර්ලිමේන්තුවේ උපදේශකවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික පැහැදිලි කිරීම්
මරාගෙන මැරෙන බෝම්බකරුවා සමඟ තමාගේ ඇති සම්බන්ධයක් පිළිබඳව ගරු විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ගරු රිසාඩ් බදියුදීන් මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ නියෝග
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පාසල් සංවර්ධනය කිරීම සඳහා වතුකර පාසල් ඒකකය විශේෂ අංශයක් ලෙස ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1910 ට 2019 ජුනි මස 27 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks