E   |     |  


පෙන්වන්න

තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පුරවැසියකු විසින් පා.ම හරහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන විධිමත් අභියාචනයකි.

රාජ්‍ය ව්‍යවසායන්හි වගවීම, විනිවිදභාවය හා කාර්යක්ෂමතාව සහතික කරනු පිණිස ඒවායේ කටයුතු සුපරීක්ෂාකාරී විමර්ශනයට භාජනය කරන කාරක සභාවයි.

පක්‍ෂයේ විනය සහතික කිරීම, මන්ත්‍රීවරුන්ගේ පැමිණීම කළමනාකරණය කිරීම සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතු, ආණ්ඩුවේ හෝ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයකුය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල බාධා කිරීමක් යනු පාර්ලිමේන්තු රීති උල්ලංඝනය කිරීමක් හෝ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට බාධා සිදු කිරීමකි.

යම් යෝජනාවක් හෝ සංශෝධනයක් පිළිබඳව තීරණය කරනු පිණිස පාර්ලිමේන්තුවේ කරනු ලබන ඡන්ද විමසීමයි.

මැතිවරණ පැවැත්වෙන ආකාරය අධීක්ෂණය කරන හා මැතිවරණ ක්‍රියාවලියෙහි සාධාරණත්වය, විනිවිදභාවය හා සාධුගුණය සහතික කරන ස්වාධීන ආයතනයයි.

පාර්ලිමේන්තුව තුල විවාද කොට තීරණය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනාවකි.

ආණ්ඩුවේ වියදම් කිරීම් සුපරීක්ෂා කොට, මූල්‍ය වගවීම හා විනිවිදභාවය සහතික කරන කාරක සභාවයි.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks