E   |     |  


පෙන්වන්න

රජයේ දැන්වීම් හා නිවේදන අඩංගු කෙරෙමින් ප්‍රකාශයට පත් කරන නිල ප්‍රකාශනයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් නියෝජනය කරනු ලබන මැතිවරණ දිස්ත්‍රික් බල ප්‍රදේශයයි.

යෝජිත යෝජනාවක් හෝ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සිය මතය හෝ තීරණය විධිමත් ලෙස ප්‍රකාශ කිරීම.

පාර්ලිමේන්තුවේ පනතක් විවාදයට ගෙන සම්මත කර ගැනීමේ අවසන් අදියර.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ ප්‍රධාන වශයෙන් පනත් කෙටුම්පතක මූලධර්ම පිළිබඳ විවාද කෙරෙන අදියර.

බරපතල විෂමාචාරයක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් හේතුවෙන් ජනාධිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වැනි ඉහල මට්ටමේ නිලධාරියකු ස්වකීය ධුරයෙන් ඉවත් කිරීම අරමුණු කොටගත් ක්‍රියාපරිපාටිමය පියවරකි.

ජනතාව නියෝජනය කරන, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය.

පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවනු ලබන කථානායකතුමා වෙනුවෙන් එහි රැස්වීම්වල මූලාසනය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks