E   |     |  

2025-11-21

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2025 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න සඳහා මාර්ගෝපදේශය     


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 24 දිනැති අංක‍ 2459/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. 
(ii)    2022/2023 සහ 2023/2024 වර්ෂ සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තා.
(iii)    2024 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව.
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඌව පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(v)    2024 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි   
               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
පුත්තලම මූලික රෝහල සම්බන්ධයෙන් විස්තර 

ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (දොළොස්වැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණු නිෂ්පාදනය සඳහා පහසුකම් සැලසීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා විසින් යෝජනා කරන ලදී.



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1815 ට 2025 නොවැම්බර් මස 22 වැනි සෙනසුරාදා පැය 0900 දක්වා කල් තබන ලදී.

 



සම්බන්ධිත පුවත්

2026-09-11

2026 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක‍ 2493/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. (iv)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක‍ 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. (v)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක‍ 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. (vi)    2025 වර්ෂය සඳහා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් දෙකයි (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා                   (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා‘අස්වැසුම’ සුභසාධන වැඩසටහනේ ගැටලුගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඋතුරු හා නැගෙනහිර වරාය සහ ගුවන් සේවා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විස්තරඅමාත්‍යාංශ නිවේදන(i)    රට තුළ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ (El Nino) දේශගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වන බලපෑම අවම කිරීමේ පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii)    ශ්‍රී ලංකාවේ එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(iii)    ‘සෙස්’ බද්ද සහ දේශීය කර්මාන්ත පිළිබඳ ගැටළු සහ අක්‍රීය ණය සහ කපා හරින ලද ණය හේතුවෙන් රාජ්‍ය බැංකුවලට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.05.22 සහ 2026.08.05 යන දිනවල ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවපළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2026 ජනවාරි මස 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව,  2026 දෙසැම්බර් මස 17 දින දක්වා දීර්ඝ කළ යුතු ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- •    ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට ය‍ටත් කිරීමවිදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත නියාමනය කළ යුතු වුවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අදාළ පනත් සං‍‍ශෝධනය නොකිරීම හේතුවෙන් වසර 21කට වැඩි කාලයක සිට ඛනිජ තෙල් සහ ජලය යන කර්මාන්ත නියාමනයට ය‍ටත් නොවී තිබෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා අදාළ නීතිමය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහත යමින් තිබෙන බව නිරීක්ෂණය වී ඇති හෙයින් ද, එහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ ශ්‍රී ලංකාවේ තරුණ ජනගහනය පහළ යාම නියත වශයෙන් සිදුවන හෙයින් ද, තරුණ ජනගහනය පහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට ඉතා අගතිදායක ලෙස බලපාන හෙයින් ද, ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකක වෙත ආකර්ශණීය දිරි දීමනාවක් ලබා දීම‍ට රජය විසින් පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    පරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනූතන පාසල් අධ්‍යාපන රටාව මෙන්ම, සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වූ පිරිවෙන් අධ්‍යාපනය, මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන අධ්‍යාපන රටාවක් වන හෙයින් ද, නූතන පාසල් අධ්‍යාපන ක්‍රමයට, එහි ගුරුවරයන් හා සිසුන්හට ලැබෙන වරප්‍රසාද මෙන්ම පිළිගැනීම, පිරිවෙන් අධ්‍යාපනයට හෝ එහි ගුරුවරයන් හා ගිහි පැවිදි සිසුන් දෙපාර්ශ්වයටම එලෙසින්ම නොලැබෙන හෙයින් ද, පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධානම භූමිකාව වන පරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම 2026 අප්‍රේල් මස 01 දින සිට නතර කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    කඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීම2025 නොවැම්බර් මස දී, ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති වූ “දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් කෑගල්ල, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත ප්‍රදේශ බහුලව නායයෑමට ලක් වූ හෙයින් ද, දැනට ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල රිලවා, වඳුරා සහ දඬුලේනා වැනි වන සතුන්ගෙන් වගා හානි සිදුවන හෙයින් ද, මෙම සතුන්ගේ ආහාර වෙනුවෙන් සහ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහාත්, පාංශු ඛාදනය වළක්වා ගැනීම සඳහාත්, එකී නායයෑමට ලක් වූ කඳුකර ප්‍රදේශවල කොස්, අඹ, කොස්දෙල් සහ  ඇටඹ වැනි ආහාර බෝග වගා කිරීම සඳහා පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    කිතුල් කර්මාන්තය නගා සිටුවීමශ්‍රී ලංකාවේ කිතුල් මැදීමේ තාක්ෂණය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කිරීම මඟින් අප රට පිළිබඳව ලෝකය තුළ විශේෂ ගෞරවයක් හිමි වී ඇති හෙයින් ද, ගාල්ල, මාතර, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල, බදුල්ල, ගම්පහ හා තවත් දිස්ත්‍රික්කවල, මෙම කර්මාන්තය අසීරු ලෙස රැකගනිමින් සාම්ප්‍රදායික කිතුල් ආශ්‍රිත කර්මාන්තකරුවන් දහස් ගණනක් මේ වනවිටත් එහි යෙදී සිටින හෙයින් ද, මෙම කර්මාන්තය නැගී එන සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ කිරීමටත්, නවීන තාක්ෂණය යොදා ගනිමින් සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනය සඳහා වූ නව ප්‍රවේශයන් සකස් කිරීමටත් සහ කිතුල් කර්මාන්තයේ දීර්ඝ කාලීන සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමටත් සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලන නවීන තාක්ෂණික උපාධිධාරින් පිරිසක් සපයන විශ්වවිද්‍යාලයක් වන හෙයින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රවල වර්ධනය වන අවශ්‍යතාවන් මෙන්ම ගෝලීය අවශ්‍යතාවන් සලකමින්, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. සමන්ත රණසිංහ මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය  1738 ට 2026 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-10

2026 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    2024 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(iv)    2024 වර්ෂය සඳහා ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.(v)    2025 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමපරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු කින්ස් නෙල්සන් මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා - පෙත්සම් දෙකයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා - පෙත්සම් දෙකයි (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා                (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාරට තුළ වර්ධනය වන එල් නිනෝ දේශගුණික තත්ත්වය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර(ii)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාපුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන මුහුදු ඛාදනය වැළැක්වීමට ගෙන ඇති පියවර ගරු පරිසර අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදන(i)    රට තුළ වර්ධනය වන එල් නිනෝ දේශගුණික තත්ත්වය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පරිසර අමාත්‍ය, ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii)    එල් නිනෝ තත්ත්වය යටතේ ජල සැපයුම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය, ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවදිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2026 ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව,  2026 දෙසැම්බර් 19 දින දක්වා දීර්ඝ කළ යුතු ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුකාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ තීරණය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“ශ්‍රී ලංකාව පුරා විශේෂිත රැකවරණ ගම්මාන පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1749 ට 2026 සැප්තැම්බර් මස 11 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-09

2026 සැප්තැම්බර් මස 9 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සිදු කරන අන්තර් ක්‍රියාකාරී සැසිය2 : පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම වාර්තා ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමට එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iv)    2023 වර්ෂය සඳහා ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.(v)    2024 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 488) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 490) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව.(ix)    2025 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(x)    2025 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ එවකට ජල සම්පාදන අමාත්‍යාංශය, එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්ප කුමාර මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතාමන්නාරම සහ රාමේෂ්වරම් අතර තොටුපළ සේවාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීම(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවඅද දින සභාවේ ප්‍රධාන කටයුතුආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් සම්මත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2026 සැප්තැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-08

2026 සැප්තැම්බර් මස 8 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම3 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව4 : “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව5 : “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බවකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVII (47) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ II (2) කොටස(ii)    2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31(1)(ආ) වගන්තිය ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව, මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(ii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.(iii)    2024 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලය-ශ්‍රී ලංකාව හි වාර්ෂික වාර්තාව සහ ගිණුම්.(iv)    2024 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vii)    2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 24(4) වගන්තිය සහ 2025 අංක 23 දරන විසර්ජන පනතේ 5 වගන්තිය ප්‍රකාරව, 2026 මාර්තු 13 දින සිට 2026 ජුනි 30 දින දක්වා “වීරමොං ක්‍රියාපටිපාටිය යටතේ සිදුකරන ලද ප්‍රතිපාදන මාරු කිරීම්” සම්බන්ධයෙන් වන තොරතුරු පිළිබඳ වාර්තාව.(viii)    2025 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(ix)    2025 වර්ෂය සඳහා එවකට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(x)    2021/2022, 2022/2023 සහ 2023/2024 වර්ෂ සඳහා සී/ස ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා.(xi)    2024 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව(xii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xiii)    2024/2025 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xiv)    2025 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වයඹ පළාත් සභාව සහ ඒ යටතේ වූ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උතුරු පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග   119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නැගෙනහිර පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xviii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඌව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග   119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වයඹ පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග   119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xx)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දකුණු පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග   119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. (xxi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xxii)    2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 17 වගන්තිය සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(xxiii)    2024 වර්ෂය සඳහා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය                                  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම  අමාත්‍යාංශ නිවේදනඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතියේ විස්තර සම්බන්ධයෙන් 2026.06.24 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී - (i)    විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.(ii)    විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.අද දින සභාවේ ප්‍රධාන කටයුතුමෝටර් වාහන පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“සමාජ මාධ්‍ය වේදිකාවලින් වයස අවුරුදු 16 ට අඩු දරුවන් ආරක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2026 සැප්තැම්බර් මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks