01

E   |   த   |  

2026-11-13

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 නොවැම්බර් මස 13 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXXIII (33) කොටස; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XVIII (18), XIX (19), XX (20), XXI (21) හා XXII (22) කොටස්, සිව්වැනි කාණ්ඩයේ XII (12), XIII (13), XIV (14) හා XV (15) කොටස් සහ හයවැනි කාණ්ඩයේ VIII (8), IX (9), X (10), XI (11), XII (12), XIII (13), XIV (14), XV (15), XVI (16), XVII (17), XVIII (18), XIX (19), XX (20), XXI (21), XXII (22), XXIII (23), XXIV (24) හා XXV (25) කොටස්

(ii)  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXIV (34) කොටස; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXII (22), XXV (25), XXVI (26) හා XXVII (27) කොටස්, තෙවැනි කාණ්ඩයේ XIV (14) හා XVI (16) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XVII (17), XX (20) හා XXI (21) කොටස් 


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ii)   2026 අංක 09 දරන පරිපූරක ඇස්තමේන්තුව
(iii)  1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ 2 වගන්තිය යටතේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ඔක්තෝබර් 12 දිනැති අංක‍ 2510/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv)  2023 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව


මහජන පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා - පෙත්සම් දෙකයි
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා - පෙත්සම් තුනයි
(iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා - පෙත්සම් හතරයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
2026 අයවැය වෙන්කිරීම්වලින් වියදම් නොකළ ප්‍රමාණය


අද දින සභාවේ ප්‍රධාන කටයුතු
 
විසර්ජන පනත් කෙටුම්පත (2027) - දෙවැනිවර කියවීම (පළමුවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කොළඹ නගරයේ ජල ගැලීම් පිළිබඳ විමර්ශනය, විසඳුම් සහ වන්දි ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1840 ට 2026 නොවැම්බර් මස 14 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.





සම්බන්ධිත පුවත්

2026-11-14

2026 නොවැම්බර් මස 14 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.මහජන පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා - පෙත්සම් තුනයි(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු සජිත් ප්‍රේමදාස මහතාකොළඹ නගරයේ ජල ගැලීම් පිළිබඳ විමර්ශනය යනාදියඅමාත්‍යාංශ නිවේදනරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා නිසි යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2026.09.22 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාසම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපියඅද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත - 2027 - දෙවැනිවර කියවීම (දෙවැනි වෙන් කළ දිනය)(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1841 ට 2026 නොවැම්බර් මස 16 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-11-12

2026 නොවැම්බර් මස 12 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය3 : “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය   ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)     අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2027(ii)    ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති 2027-2029(iii)   ජාතික අයවැය 2027 - පුරවැසි අයවැය(iv)   මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය 2027-2031 සහ වාර්ෂික ණය ගැනීමේ සැලැස්ම 2027(v)    බදු ආදායම් අහිමිවීම පිළිබඳ ප්‍රකාශය - 2025/2026(vi)   රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල තොරතුරු - 2026(vii)   වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2026(viii)  2027 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පතඅද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත (2027) - දෙවැනිවර කියවීමමුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප‍.ව. 1.40 ට '2027 අයවැය කථාව' පැවැත්වීය.කථානායකවරයාගේ නිවේදනය2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2026 නොවැම්බර් 16 සඳුදා අපර භාග 3.00 ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාරදිය යුතු බව.අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1831 ට 2026 නොවැම්බර් මස 13 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-11-06

2026 නොවැම්බර් මස 6 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : 2026 නොවැම්බර් 3 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු විසින් වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න මතු කිරීම සඳහා කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම3 : 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා සඳහා වන ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන්කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමA    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVI (46) කොටස; •    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ L (50) කොටස; •    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIX (69) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX (20) හා XXI (21) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XIV (14), XV (15) හා XVI (16) කොටස් B    (i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXXI (31) කොටස; •    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXVII (27) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XV (15), XVI (16) හා XVII (17) කොටස්, සිව්වැනි කාණ්ඩයේ IX (9), X (10) හා XI (11) කොටස්, පස්වැනි කාණ්ඩයේ IX (9) කොටස සහ හයවැනි කාණ්ඩයේ IV (4), V (5), VI (6) හා   VII (7) කොටස් (ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 වර්ෂය සඳහා විගණකාධිපති වාර්ෂික වාර්තාවලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (ii)   2025 වර්ෂය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව(iii)  2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ (ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය) වාර්ෂික වාර්තාවමහජන පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගම‍ගේ මහතා                       (ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් තුනයි(iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා                      (iv)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් තුනයි(v)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා      (vi)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා                  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාශ්‍රී ලංකාවේ විරැකියාවට විසඳුම් සෙවීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.(ii)   ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඉන්ධන සහනාධාරයට අදාළ ගැටළුගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.අමාත්‍යාංශ නිවේදන(i)    2026 මහ කන්නයේ දී ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් 2026.11.03 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii)    ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලෙන් ෆාතිමා ශෆියා මිය ඉවත් කිරීම සම්බන්ධයෙන් 2026.10.23 ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ගරු සුනිල් කුමාර ගමගේ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2, 3, 4, 6 සහ 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-•    පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීමමැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගත වී ඇති වාතාවරණය මත ඉන්ධන මිල ඉහළ යෑමේ තත්ත්වය හමුවේ මහජනයා විශාල වශයෙන් පොදු ප්‍රවාහන සේවා වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන හෙයින් ද, දිනපතා විශාල පිරිසක් රාජකාරි හෝ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා හෙයින් ද, එම මගී ජනතාවට ප්‍රමාණවත් සේවාවක් ලබා දීම සඳහා පුත්තලම-කොළඹ අතර දුම්රිය ධාවනය ඉහළ දැමීමට වැඩසටහනක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    මාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමපදිකයන්ට සෙවණ සැපයීම, පරිසරයේ සුන්දරත්වය සහ හරිත ආවරණය වැඩිදියුණු කිරීම, වාහනවලින් නිකුත් වන දූෂක වායු අවශෝෂණය කිරීම මෙන්ම නාගරික ප්‍රදේශවල ජෛව කොරිඩෝ (bio corridors) ලෙස ක්‍රියා කිරීම උදෙසා මාර්ග රක්ෂිතයන්හි ඇති ගස් මඟින් සුවිශාල මෙහෙවරක් ඉටු කෙරෙන හෙයින් ද, ශ්‍රී ලංකාවේ මාර්ග රක්ෂිතයන්හි ගස් වෘත්තීයමය ආකාරයෙන් (arborists මඟින්) කළමනාකරණය නොකෙරෙන හෙයින් ද, විදුලිබලය සපයන ආයතන, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA), පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතනවල සේවකයන් මඟින් විදුලි රැහැන් හා මාර්ග සංඥා ආවරණය වන අතු පමණක් කපා ඉවත් කිරීමේ අක්‍රමවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන හෙයින් ද, පරිසර සුන්දරත්වය රැකෙන පරිදි මාර්ග රක්ෂිත ප්‍රමාණයන් නිසි ලෙස නිර්ණය කිරීම, අදාළ ආයතනවල සේවකයන් පුහුණු කරමින් ශාක වියන් නඩත්තු කිරීම සහ මාර්ග රක්ෂිතවල ගස් නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් සිදුවන අනතුරු හා ව්‍යසන වළක්වා ගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ශ්‍රී ලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීමශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම දියුණු ජාත්‍යන්තර තලයට ගෙන යාම උදෙසා පාසැල් පද්ධතියේ සියලුම ගුරුවරුන් පුහුණු උපාධිධාරී ගුරුවරුන් බවට පත් කිරීමට අවශ්‍ය වන හෙයින් ද, වර්තමානයේ බහුතරයක් ගුරුවරුන් හට තෙවසරක න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලාවක් අවසානයේ උසස් ඩිප්ලෝමාවක් හිමිවන හෙයින් ද, වසර තුනක න්‍යායාත්මක පාඨමාලාවක් සහ එක් වසරක පාසැල් කේන්ද්‍රීය පුහුණුවක් සහිත සිව් වසරක උපාධි පාඨමාලාවක් ප්‍රදානය කිරීම සඳහා උචිත වන සේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන විද්‍යා පීඨ දහනවය විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020 පෙබරවාරි 13 දින ඉදිරිපත් කොට අනුමතිය ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලාත්මක කිරීම සඳහා රජය විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.   •    උඩවලව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීමඋඩවලව ජාතික වනෝද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවණ, සංඛපාල රජමහා විහාරය, උඩවලව ජලාශය, සෙවනගල සීනි කර්මාන්තශාලාව, සෙවනගල උක් පර්යේෂණ ආයතනය, උඩවලව මිරිදිය ධීවර මධ්‍යස්ථානය සහ වවුල්පන හුණුගල් ගුහාව ආදී වූ සංචාරක ආකර්ශණය ලබාගත හැකි ස්ථාන තිබුණද විධිමත් වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ට එහි වටිනාකම් ලබාගැනීමට නොහැකි වී ඇති හෙයින් රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව ප්‍රදේශය සහ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ‍ප්‍රදේශය ආවරණය වන පරිදි උඩවලව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම සඳහා රජය විසින් සුදුසු පියවර ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ජපන් ජබර ශාකයේ ව්‍යාප්තිය හිතකර ලෙස පාලනය සහ මර්දනය කිරීමජපන් ජබර නොහොත් Eichhornia crassipes (Mart.) Solms යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ආක්‍රමණශීලී ශාකය, වර්තමානයේ ගොවි බිම් සහ වගුරු බිම් වසා පැතිරී ගොස් ඇති හෙයින් ද, මෙහි ශීඝ්‍ර වර්ධන වේගය හේතුවෙන් දේශීය ශාක අභිබවා ජෛව පරිසර පද්ධතියට තර්ජනයක් වී ඇති හෙයින් ද, මෙම තත්ත්වය හේතුවෙන් රොන් මඩ තැන්පත් වී ජල ප‍්‍රවාහන මාර්ග සහ ජල බැස්ම අවහිර වීම මඟින් ජල ගැලීම් හා ගංවතුර තත්ත්ව ඇති වී ඇති හෙයින් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය වන ජලයේ තත්ත්වයට හානිවීම සහ ජල විදුලි උත්පාදනයේ දී බාධා ඇති වී ඇති හෙයින් ද, රසායනික වල් නාශක භාවිතය මඟින් ඒවා මර්දනය එම ජලය පරිහරණය කරන පුද්ගලයින්ට සෞඛ්‍ය අවදානමක් ඇති කරන හෙයින් ද, මදුරු කීටයන් බෝවීම හා එමඟින් බරවා හා ඩෙංගු වැනි රෝග ව්‍යාප්තවීම සිදු වී ඇති හෙයින් ද, මෙම ශාකය හිතකර ලෙස පාලනය හා මර්දනය මඟින් තිරසර විසඳුමක් උදෙසා ර‍ජය විසින් අදාළ ව්‍යාපෘති යෝජනා සැකසීම කාලෝචිත බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණ කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1652 ට 2026 නොවැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා පැය 1330 දක්වා කල් තබන ලදී.


2026-11-05

2026 නොවැම්බර් මස 5 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXXII (32) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XI (11), XII (12), XIII (13) හා XIV (14) කොටස්, සිව්වැනි කාණ්ඩයේ VII (7) හා VIII (8) කොටස්, පස්වැනි කාණ්ඩයේ VIII (8) කොටස සහ හයවැනි කාණ්ඩයේ II (2) හා III (3) කොටස්(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVIII (68) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVII (17), XVIII (18) හා XIX (19) කොටස්, තෙවැනි කාණ්ඩයේ XIII (13) කොටස සහ නවවැනි කාණ්ඩයේ XI (11), XII (12) හා XIII (13) කොටස්ලිපිලේඛනාදිය පිළිගැන්වීම2022 වර්ෂය සඳහා ගාලු උරුමය පදනමේ වාර්ෂික වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.(ii)   රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.මහජන පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා - පෙත්සම් දෙකයි (ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා              (iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා - පෙත්සම් දෙකයි (iv)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා - පෙත්සම් දෙකයි (v)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒ. එම්. එම්. එම්. රත්වත්තේ මහත්මිය (vi)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා - පෙත්සම් දෙකයි                  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය(ii)   ගරු කේ. කාදර් මස්තාන් මහතා උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචි කිරීමේ ගැටළුඅමාත්‍යාංශ නිවේදන(i)    මන්නාරම සහ රාමේෂ්වරම් අතර තොටුපළ සේවාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් 2026.09.09 දින ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii)    ශ්‍රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම සම්බන්ධයෙන් 2026.09.08 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතාඉඩම් ගැටලු සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රතිචාරයපෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්“ද ගුඩ්නස් පදනම (සංස්ථාගත කිරීමේ)”නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ‍කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(i)    භාර (සංශෝධන) පනත් කෙටුම්පත (ii)   පරිපූරක මුදල — ශීර්ෂය 224 — වැඩසටහන 01සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“‘සන්පවර් එන(ර්)ජි සිස්ටම් පුද්ගලික සමාගම’ හි සූර්ය බලශක්ති ආයෝජන ව්‍යාපෘතිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 නොවැම්බර් මස 06 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks