පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-03-04
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
අඩුආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා
මේ බව පවසා සිටියේ දසවැනි පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ
සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ
පළමු රැස්වීම 2025.03.03 දින ඒ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී
පැවැත්වූ අවස්ථාවේදීය. ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ද මෙම
අවස්ථාවට එක්ව සිටියේය.
මෙහිදී අමාත්‍යාංශයේ කාර්ය සහ අරමුණු කාරක
සභාවට හදුන්වා දෙමින් නිලධාරීන් පෙන්වා දුන්නේ දැනට මිලියන 1.7 කට ආසන්න
පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් ඉදිරි වසර 5ක කාලය තුළ ඉන්
මිලියන 1.5ක් සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ අරමුණ බවයි. එසේම 2025 වසරේදී
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද
ඔවුහු පැවසූහ. තවද ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධන සහ සමාජ
සුබසාධනය යන මානයන් ත්‍රිත්වය ඔස්සේ ආයතන 10ක්, අමාත්‍යාංශය යටතේ කටයුතු
කරන බවත් ඔවුහු සඳහන් කළහ.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සදහා තෝරා ගැනීම මෙන්ම එය ලබාදීම මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බවත් එම ජනතාව ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් හරහා අඩුආදායම් තත්ත්වයෙන් මුදවාගෙන සවිබල ගැන්වීම සඳහා තම අමාතයාංශය කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තවද මෙම මෙම අස්වැසුම දත්ත පද්ධතියේ අඩුපාඩු පවතින බැවින් එම දත්ත පද්ධතිය නැවත යාවත්කාලීන කිරීම සදහා මේ වන කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා අවධාරණය සඳහන් කළේය.
පාසැල් මට්ටමෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් වඩාත් කාර්යක්ෂමව සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය. ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින බවත් ඒ සඳහා කඩිනමින් මැදිහත්වීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
එසේම අඩුආදායම්ලාභීන්ට විශ්‍රාමවැටුප් හා සමාන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීම, සමාජ සවිබල ගැන්වීමේ ආදර්ශ ගම්මාන හරහා ක්‍රියාත්මක වන ‘සුහුරු ගම්මාන’ වැඩසටහන, ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව, ආබාධ සහිත ප්‍රජාවගේ ගැටලු, වකුගඩු රෝගීන්ගේ ගැටලු යනාදිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-05-25
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (මැයි 19) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා කාරක සභාව දැනුවත් කළේය.මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
2026-05-25
කමිටුව සඳහා මහජන අදහස් ලබා ගැනීමටත් එකඟතාවයමැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරුඅමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය.මැතිවරණ ක්‍රමයට අදාළ වන නීති, එනම් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එකී පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීමද මෙම කාරක සභාවේ මුඛ්‍ය අරමුණයි.ඊට අමතරව, උක්ත පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම ද මෙම කාරක සභාව වෙත පැවරී තිබේ.ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් හෝ ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව හෝ, ලබා ගැනීමට ද කාරක සභාවට බලය හිමිවේ. තවද, කාරක සභාවේ කටයුතුවලට සහාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව, කාරක සභාවේ කටයුතු සඳහා මහජන අදහස් ලබා ගැනිමට සහ මෙම සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳ පුළුල්ව මහජනතාව දැනුවත් කිරීමටද සාමාජික මන්ත්‍රීවරයන්ගේ ඒකඟතාවය හිමි විය. මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය (නීතිඥ) සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, (නීතිඥ) තුෂාරි ජයසිංහ, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-05-21
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුකාරක සභාවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුකාරක සභාව පත් කෙරිණි. මෙහිදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පරිසර අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තවත් ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී සිටියහ. නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට වන බලපෑම, ඒ සම්බන්ධයෙන් වගකීම දරන පාර්ශ්ව හා ඒ ඒ ආයතනවලින් යම් අඩුපාඩුවක් සිදුව ඇත් ද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධ වැඩි දුර කරුණු පරීක්ෂා කිරීම සඳහා මෙම අනුකාරක සභාව පත් කිරීම සිදු විය.ශ්‍රී ලංකාවේ ජර්මානු, ජපාන හා චීන තානාපති කාර්යාල සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කොට එම රටවල බලාගාර ආශ්‍රිතව භාවිතා කරන නව තාක්ෂණය හඳුනාගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට කාරක සභාව විසින් ඉල්ලීමක් කරන බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.
2026-05-21
කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අනුමැතිය ලබා දෙන ලදී. මේ අනුව 2023 හා 2024 වර්ෂවල ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තා සහ 2024 වර්ෂයේ ජනාධිපති අරමුදලේ කාර්යසාධන වාර්තාව, කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීම සිදු විය. එසේම 2023 හා 2024 වර්ෂවල අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාවන්ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අනුමත කෙරිණි.මීට අමතරව බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පිඹුරුපත් ලියාපදිංචි කිරීමට හැකි වන පරිදි 2002 අංක 17 දරන මිනින්දෝරු පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අජිත් පී. පෙරේරා, මුජිබුර් රහුමාන්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම් සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks