02

E   |   த   |  

2025-02-05

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2025 පෙබරවාරි මස 05 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

2 : ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය   

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXIV කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXIX කොටස;
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVIII කොටස සහ නවවැනි කාණ්ඩයේ XLVI සහ XLVII කොටස්; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIII සහ XXXIV කොටස් සහ නවවැනි කාණ්ඩයේ XIX සහ XX කොටස්

(ii)    2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගත්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2025 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන, එකී පනතේ 35(3) වගන්තිය ප්‍රකාරව

(iii)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තෙවැනි වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2024.11.27 සිට 2024.12.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(ii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ හා මූල්‍ය අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2024 නොවැම්බර් 29 දිනැති අංක 2412/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය  

(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව
(iv)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v)    2022 වර්ෂය සඳහා ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vii)    2023 වර්ෂය සඳහා පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(viii)    2023 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x)    2016 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගැන්වීම


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රවී කරුණානායක මහතා   -   පෙත්සම් තුනයි
(ii)    ගරු හර්ෂණ රාජකරුණා මහතා -   පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු ටී. කේ. ජයසුන්දර මහතා
(ii)    ගරු ධර්මප්‍රිය දිසානායක මහතා
(iii)    ගරු එස්. එම්. මරික්කාර් මහතා
(iv)    ගරු රවී කරුණානායක මහතා



වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
පාර්ලිමේන්තුවට පැමිණෙන අතරතුර දී පොලීසිය ඔහුට බාධා කිරීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    විදේශ විනිමය පනත යටතේ නියමය
(ii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්



කල් තැබීමේ යෝජනාව

“ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් ලබාදීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රුවන් විජේවීර මහතා විසින් යෝජනා කරන ලදී.



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 පෙබරවාරි මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 



සම්බන්ධිත පුවත්

2026-10-09

2026 ඔක්තෝබර් මස 9 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවරාත්‍රී උත්සවයලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(ii)    2020 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාවාර්ගික සහජීවනය සහ ජාතික ආරක්ෂාව සුරැකීමේ පියවරගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතාඋතුරු පළාතේ සහ මන්නාරමේ පොල් වගාවට "සුදු මැස්සන්" උවදුරේ බලපෑමඅමාත්‍යාංශ නිවේදන(i)    හම්බන්තොට වරායෙන් ඉවත් කරන ලද ගල් අපනයනය කිරීම සම්බන්ධයෙන් 2026.09.09 දින ගරු දිලිප් වෙදආරච්චි මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය. (ii)    නුදුරු අනාගතයේදී ඇතිවිය හැකි එල් නිනෝ කාලගුණ තත්ත්වය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(iii)    උතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් 2026.09.25 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1, 2, 4 සහ 5 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 1, 4 සහ 5 සම්මත කරන ලද අතර අයිතම අංක 2 ඇති සැටියෙන්ම සම්මත නොවීය:- •    දියගම වනාන්තරය ආරක්ෂා කිරීමදියගම වනාන්තරය කොළඹ තදාසන්නයේ ඉතිරිව ඇති අවසාන නාගරික පහත්බිම් වැසි වනාන්තරවලින් එකක් වන අතර නගරයට ආසන්නතම වැසි වනාන්තර කොටස වන හෙයින් ද; බොල්ගොඩ ගඟ පෝෂණය කරන එහි තෙත් බිම් සහ ඇළ දොළ හරහා ජල ප්‍රවාහය නියාමනය කිරීමෙන් ස්වාභාවික ගංවතුර අවරෝධකයක් ලෙස එය වැදගත් කාර්යභාරයක් ඉටු කරන හෙයින් ද, එමඟින් අවට ප්‍රජාවන් ගංවතුරෙන් ආරක්ෂා කෙරෙන හෙයින් ද; මෙම වනාන්තරය රතු උණහපුළුවා, දම් පැහැ මුහුණැති කොළ වඳුරා සහ හඳුන් දිවියා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ ඇතුළුව ශාක හා සත්ත්ව විශේෂ 220 කට අධික සංඛ්‍යාවකට නිවහන වන හෙයින් ද; ආසන්න වශයෙන් 12.6% ක් ආවේණික ශාක හා 11.58% ක් ආවේණික සත්ත්ව විශේෂ සඳහා රැකවරණය සලසන එකම තීරණාත්මක ජෛව විවිධත්ව කේන්ද්‍රස්ථානයක් වන හෙයින් ද, ඒවායිනුත් බොහොමයක් නාගරික ව්‍යාප්තිය නිසා වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව ඇති හෙයින් ද; දියගම වනාන්තරය එහි උණහපුළු ගහනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති හෙයින් ද, විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් තිරසර පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා ශක්තිමත් විභවයක් පවතින හෙයින් ද; ජෛව විවිධත්වය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වනාන්තරයේ ආරක්ෂාව අත්‍යවශ්‍ය වන හෙයින් ද; දියගම වනාන්තරය අහිමි වීම නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි තත්ත්වයක් වනු ඇති හෙයින් ද, එය අප්‍රමාදව සංරක්ෂණය කිරීම අනාගත පරම්පරාවන් සඳහා අත්‍යවශ්‍ය කටයුත්තක් වන බැවින් සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇති ජාතික හා ජාත්‍යන්තර සංරක්ෂණ එකඟතාවන් සම්පූර්ණ කිරීමක් වන හෙයින් ද; දියගම වනාන්තරය තුළ සිදු කෙරෙන සියලුම එළිපෙහෙළි කිරීම් සහ සංවර්ධන කටයුතු වහාම නතර කිරීමට, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත (FFPA) යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස එය ගැසට් කිරීමට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලසීමාව යටතේ එය තැබීමට සහ අනාගත ආක්‍රමණ සහ තිරසර නොවන සංවර්ධනයට එරෙහිව හැකි තරම් ශක්තිමත් නීතිමය ආරක්ෂාව සහතික කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම1983 ‘කළු ජූලිය’ සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සමූල ඝාතන, ජනවාර්ගික ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්, රටේ ජාතික ඒකාබද්ධතාව, සමාජ ව්‍යුහය සහ ආර්ථිකය මත දරුණු කැළලක් ඇති කර ඇති හෙයින් ද, මෙම ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල දී දහස් සංඛ්‍යාත ජනතාවක් ඝාතනයට ලක්ව, දස දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සරණාගතයන් බවට පත් කළ හෙයින් ද, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළු වටිනා දේපළ ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද හෙයින් ද, මෙම සිදුවීම සිදු වී වසර හතළිහකට වඩා වැඩි කාලයක් ගතවී ඇතත්, මෙම ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ තැනැත්තන් හඳුනාගෙන නොමැති හෙයින් ද,  සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දේපළ හානි පිළිබඳව පුළුල් හා ස්වාධීන විමර්ශනයක් මෙතෙක් පවත්වා නොමැති හෙයින් ද, මෙවැනි ජනවාර්ගික ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත අප රට තුළ සිදු නොවීම තහවුරු කිරීම සහ රටේ සියලුම ජන කොටස් අතර තිරසර සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම අත්‍යවශ්‍ය වන හෙයින් ද, එකී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ණය වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ වනවිට ණය වින්දිතයින් බවට පත්ව සිටින බැවින්, එම පිරිසට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීමශ්‍රී ලංකාවේ  ක්‍රීඩා ආයතන දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බව පෙනී යන බැවින්, ඡන්දයෙන් තේරී පත් වන දේශපාලනඥයින් ක්‍රීඩා ආයතනවල නායකත්ව තනතුරු සඳහා තරග කිරීම සහ ඒවා හෙබවීම තහනම් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1633  ට 2026 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-10-08

2026 ඔක්තෝබර් මස 8 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව2 : “ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස්, සිව්වැනි කාණ්ඩයේ III (3) කොටස සහ පස්වැනි කාණ්ඩයේ III (3) හා IV (4) කොටස්.(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩය ─ විද්‍යුත් වාහන භාවිතය, පසු භාවිත කළමනාකරණය සහ පාරිසරික බලපෑම පිළිබඳ ඇගයීම - ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ විගණන වාර්තාව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අගෝස්තු 14 දිනැති      අංක 2501/88 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (ii)    2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2025 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා                  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු රවී කරුණානායක මහතානිදහස් වෙළඳ ගිවිසුම් පුළුල් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගයඅමාත්‍යාංශ නිවේදන(i)    “2018 සිට 2026 දක්වා උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක කාර්ය සාධනය පිළිබඳ විස්තර” සහ “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව” සම්බන්ධයෙන් 2026.07.22 සහ 2026.09.09 දිනයන්හි දී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii)    “සමාජීය, ආර්ථික සහ මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් IMF ගිවිසුම පිළිබඳව රජයේ ඇගයුම” සහ “ශ්‍රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම” සම්බන්ධයෙන් 2026.06.09 සහ 2026.09.08 දිනයන්හි දී ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුදූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සංශෝධන සහිතව සභාව විසින් සම්මත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2026 ඔක්තෝබර් මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-10-07

2026 ඔක්තෝබර් මස 7 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බවකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLV (45) කොටස;•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXVIII (28) කොටස;•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVII (67) කොටස;•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXXII (72)  හා LXXIII (73)  කොටස්;•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIX (49) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VI (6) හා VII (7) කොටස්, තෙවැනි කාණ්ඩයේ VI (6) හා VII (7) කොටස් සහ නවවැනි කාණ්ඩයේ II (2) හා III (3) කොටස්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2018/2019 වර්ෂය සඳහා සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාර්ෂික වාර්තාව.(iv)    2021 වර්ෂය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(v)    2023 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව.(vi)    2025 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(vii)    2024 වර්ෂය සඳහා ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික වාර්තාව.(viii)    2025 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(ix)    2025 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුබසාධක අරමුදලේ කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෛරාසා රවිකරන් මහතා                  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාවහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධතිය සඳහා වන නව ගිවිසුමගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සිවරාසා අනෝජන්ට සෞදි අරාබියේදී මරණ දණ්ඩනය හිමිවීම  ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. පනත් කෙටුම්පත් පිළිගැන්වීම(i)    2027 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ“විසර්ජන”නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.(ii)    ශ්‍රී ලංකාවට තැනැත්තන් ඇතුළුවීම සහ ශ්‍රී ලංකාවෙන් තැනැත්තන් පිටවීම පාලනය කිරීම සඳහා ද;   ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන තැනැත්තන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම පාලනය කිරීම සඳහා ද; ගමන් ලේඛන නිකුත් කිරීම සඳහා ද; (351 වන අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (විධිමත් කිරීමේ) සහ පිටවීමේ අවසර පත්‍ර පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ආගමන”නමැති පනත් කෙටුම්පත ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.කල් තැබීමේ යෝජනාව“වී ගොවීන් සුරක්ෂිත කිරීමේ සැලැස්ම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2026 ඔක්තෝබර් මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-10-06

2026 ඔක්තෝබර් මස 6 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පා.ම. අජිත් පී. පෙරේරා මහතා විසින් මට එරෙහිව ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කඩකිරීමේ පැමිණිල්ල සම්බන්ධ තීරණය2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම3 : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම4 : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ I (1) හා II (2) කොටස් සහ පස්වැනි කාණ්ඩයේ I (1) හා II (2) කොටස්.(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVI (66) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස් සහ ත‍ෙවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.08.03 සිට 2026.08.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මධ්‍යම පළාත් සභාව යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v)    2024 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව.(vi)    2025 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා                   (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු සජිත් ප්‍රේමදාස මහතාශ්‍රී ලංකා මහ බැංකුවේ "ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංඛ්‍යාලේඛන - 2026" වාර්තාව සකස් කිරීමේදී යල් පැන ගිය සංඛ්‍යාලේඛන භාවිත කිරීම  ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදනඋතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් යුක්තිය පසිඳලීමට සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් 2026.06.12 දින ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර  මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනකරණය, පාලනය කිරීම, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම සඳහා ද; යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය අභිවර්ධනය කිරීම සඳහා ද; සියලු සහභාගීවන්නන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම, බලතල සහ කර්තව්‍ය සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ වූ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ශ්‍රී ලංකා ක්‍රිකට්”නමැති පනත් කෙටුම්පත ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.(ii)    ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද; යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු අනාවරණය කරගැනීම, හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ”නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -(i)    විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි දෙකක් (ii)    විදේශ විනිමය පනත යටතේ නියෝගය (iii)    රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාවසභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“නයිදෙනිය ඉඩම වෘත්තීය පුහුණු අධිකාරිය වෙත පැවරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2026 ඔක්තෝබර් මස 7 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks