බලන්න

E   |   த   |  

2026-11-27

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 නොවැම්බර් මස 27 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


“දිට්වා” සුළි කුණාටුවෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරමින් මොහොතක නිශ්ශබ්දතාවක් පවත්වන ලදී.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4) (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2027 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ
(ii)   2025 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)  2024 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)  2025 වර්ෂය සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව


මහජන පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා                   
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) සේන නානායක්කාර මහතා - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
තිරසර ඉලක්ක ඔස්සේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය


අමාත්‍යාංශ නිවේදන

“දිට්වා” ව්‍යසනයේ පළමු සංවත්සර අනුස්මරණය පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, ගරු බිමල් රත්නායක අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු
 
විසර්ජන පනත් කෙටුම්පත (2027) - (දොළොස්වැනි වෙන් කළ දිනය) - කාරක සභාව 
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බදුලු ඔය ජුම්මා පල්ලියට පිටුපස ඉඩම සුසාන භූමියක් ලෙස භාවිතයට අවසර දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847 ට 2026 නොවැම්බර් මස 28 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.





සම්බන්ධිත පුවත්

2026-11-26

2026 නොවැම්බර් මස 26 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.මහජන පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා - පෙත්සම් දෙකයි (ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා - පෙත්සම් තුනයි (iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා - පෙත්සම් තුනයි                  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඋතුරු සහ නැගෙනහිර පළාත්වල වන හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතු(i)    විසර්ජන පනත් කෙටුම්පත (2027) - (එකොළොස්වැනි වෙන් කළ දිනය) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(ii)    උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)(iii)   අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2022)(iv)   අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)(v)    ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2022)(vi)   ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2023)(vii)  රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2020)(viii) රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2021)(ix)   රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2022)(x)    රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2023)(xi)   ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)(xii)  ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1813 ට 2026 නොවැම්බර් මස 27 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-11-25

2026 නොවැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ස්ත‍්‍රී -පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය පිටු දැකීමේ ක‍්‍රියාකාරී දින දහසය සනිටුහන් කිරීමේ ගෝලීය ව්‍යාපාරය කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අටවැනි වාර්තාවමහජන පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා - පෙත්සම් දෙකයි(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි(iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා - පෙත්සම් තුනයි                      (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු සජිත් ප්‍රේමදාස මහතාහෝමාගම පැළෑටි වෛරස් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය සහ ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය මුහුණ දෙන අභියෝගගරු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදනකාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය අමාත්‍යාංශ නිවේදනයක් කළේය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත (2027) - (දසවැනි වෙන් කළ දිනය) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“ඖෂධීය ශාක වගාව ප්‍රවර්ධනය කිරීම සහ සිද්ධ වෛද්‍ය ක්‍රමය ශක්තිමත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1913 ට 2026 නොවැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-11-23

2026 නොවැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : "ස්ත‍්‍රී -පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය පිටු දැකීමේ ක‍්‍රියාකාරී දින දහසය සනිටුහන් කිරීමේ ගෝලීය ව්‍යාපාරය" සංකේතවත් කරමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලාංඡනයක් 2 : 2027 අයවැය කථාවේ සහ 2026 නොවැම්බර් 12 වන දින සභාගත කළ වාර්තාවල මුද්‍රිත පිටපත්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (ii)   2024 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(iii)  2018 වර්ෂය සඳහා සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාර්ෂික වාර්තාව(iv)  2024 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාවමහජන පෙත්සම් පිළිගැන්වීමගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා - පෙත්සම් හයයි                    (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු රවී කරුණානායක මහතාමුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම උද්ධමනයට සහ ණය ප්‍රදානයට ඇති කරන බලපෑමඅමාත්‍යාංශ නිවේදනශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් 2026.11.05 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතු(i)    විසර්ජන පනත් කෙටුම්පත (2027) - (නවවැනි වෙන් කළ දිනය) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)(ii)    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1833 ට 2026 නොවැම්බර් මස 25 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-11-21

2026 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “සංවිධානාත්මක අපරාධ වැළැක්වීම” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර අසුන් ගැනීමේ සැකැස්ම3 : කාරක සභා අවස්ථාවේ වියදම් ශීර්ෂ සඳහා දිනය වෙනස් කිරීම    ලිපිලේඛනාදිය පිළිගැන්වීම2027 කෙටුම්පත් අයවැය ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීමේ ලැයිස්තුවකාරක සභා වාර්තා පිළිගැන්වීමඅධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රිනී ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය විසින් පිළිගන්වන ලදී.මහජන පෙත්සම් පිළිගැන්වීමගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් නවයයි                       (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාචෙම්මණි සමූහ මිනීවළවල් කැණීමේ වර්තමාන තත්ත්වයගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාපාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය අතිගරු ඉම්රාන් ඛාන් මහතා සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.අද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත (2027) - (අටවැනි වෙන් කළ දිනය) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“කින්නියා මූලික රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉම්රාන් මහරූෆ් මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2026 නොවැම්බර් මස 23 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks