2024-02-07
අතීතයේ සිට මේ දක්වාම ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා.
සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවන්වලදී අර්බුදයෙන් ගොඩ එන්න බැරි වුණා. අර්බුදයකින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ අර්බුදයකට සාප කර කර සිටීමෙන් නොවෙයි. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නොවෙයි.
ලෝකයේත්, රටවලත්, පුද්ගලික ජීවිතවලත් අර්බුද විසඳා ගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන්.
අර්බුද කළමනාකරණයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද?
බුදුන් වහන්සේගේ දේශනාවක් මම මෙතැනදී උපුටා දක්වන්නට කැමතියි.
“අත්තදීපා - විහරථ”
තමා තමාටම පහනක් කොට ජීවත් වෙන්න.
අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ.
අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ.
ක්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වෙන්නේ නෑ.
ඒ බවත් අවධාරණය කරමින් මම අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කරුණු ගණනාවක් මේ සභාව ඉදිරියේ ගෙනහැර දක්වන්නට කැමතියි.
2022 පෙබරවාරියේ මේ රට වැටී තිබුණ තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්න අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරියට වඩා යහපත් මට්ටමකට අපේ රට ගොඩ නැංවී තිබෙනවා.
ගිය වසරේ පෙබරවාරියේ සහ මේ දක්වා අපේ ආර්ථික දර්ශක කිහිපයක් මම පෙන්වා දෙන්නම්.
ගිය වසරේ උද්ධමනය සියයට 50.6යි. අද එය සියයට 6ග4 දක්වා පහළ වැටිලා.
ආහාර උද්ධමනය සියයට 54.4ක්. අද එය සියයට 3.3යි
එදා ඩොලරයක අගය රුපියල් 362ක්. අද රුපියල් 314යි.
2022 අවසාන වෙද්දී අයවැය ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7ක්. නමුත් 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට අප සමත් වුණා. නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණු 6 වැනි අවස්ථාව මෙයයි.
2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9ක්. 2023 වසරේ අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1977න් පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගත් මුල්ම අවස්ථාව මෙයයි.
2023 දී සියයට 28ක් වූ පොලී අනුපාතය දැන් සියයට 12යි.
2022 අවසාන වෙද්දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුවා. 2023 සැප්තැම්බරය වෙද්දී මේ රාජ්‍ය ව්‍යවසාය 52 රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තිබෙනවා. හැබැයි මේ ආයතනවල ණය බර උසුලන්නට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි.
තෝරාගත් ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදා. ඒ වෙද්දි අපේ ද්‍රවශීල විදේශ විනිමය සංචිත බින්දුවටම වගේ වැටිලා තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්.
2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.
ගෙවුණු කෙටි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් අප කැපී පෙනෙන ප්‍රගතියක් ලැබුවා. 2022 අපේ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 194,495ක්. 2023 වසරේ ඒ සංඛ්‍යාව 1,487,303ක් දක්වා ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. මේ වසරේ ජනවාරියේදී 200,000කට අධික සංචාරකයන් පිරිසක් පැමිණියා.
ඒ වගේම 2023 වසර තුළ සාධනීය පියවර රැසක් අප ගත්තා. QR කේතය ඔස්සේ සිදු කළ ඉන්ධන සීමාව ඉවත් කළා. දැන් විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. ගෑස් හිඟයක් නැහැ. කෘෂි කර්මාන්තය වෙනුවෙන් හිඟයකින් තොරව පොහොර ලබා ගන්න පුළුවන්. ධීවර ජනතාවට ඉන්ධන හිඟයක් නෑ. රථ වාහන හැරෙන්න අනෙකුත් සියලු භාණ්ඩ සඳහා ආනයන සීමාවන් දැන් ඉවත් කරලා. අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් රටට ගෙන්වා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත සඳහා ද අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් ජාලයට දැන් කිසිදු අවහිරයක් නෑ.
දළ දේශීය නිෂ්පාදිතය 2022 දී සියයට 7.8කින් හැකිළුණා. 2022 සිට එක දිගට කාර්තු 6ක් සෘණ වර්ධනයක් තිබුණේ. නමුත් 2023 තුන්වන කාර්තුවේදී සියයට 1.6ක වර්ධනයක් අප අත්පත් කර ගත්තා.
අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට එය ආපිට හරවන්න පුළුවන් වෙලා තිබෙනවා. එය රොකට් වේගයෙන් යළි ඔසවන්නට අප සමත් වුණා. වී (V) ෂේප් රිකවරි නැත්නම් වී (V) හැඩයේ ප්‍රතිසාධනයක් අප ලබමින් ඉන්නේ.
එය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩා වැටුණු රටවල ආර්ථික ප්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වගේ දීර්ඝ කාලීන දුෂ්කරතා සහ වේදනාවන්ගෙන් තොරව අපේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට අපට පුළුවන් වුණා.
මම එක් උදාහරණයක් ගෙනහැර දක්වන්නම්.
ග්‍රීසිය තමන්ට ණය ගෙවාගන්න බැරි තරමේ ආර්ථික කඩා වැටීමක් සිදුව ඇති බව 2009දී ප්‍රකාශයට පත් කළා. ඉන්පසු මුළු රටම වේදනා විඳිමින් යළි තමන්ගේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට වෙහෙසුණා. ඒ කාලය තුළ අනේක දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. යළිත් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට ඔවුනට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා.
නමුත් අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාවක්. අපට ඒ ආකාරයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි?
2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022ට වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්න පුළුවන් වුණේ අහම්බයකින් නෙවෙයි. ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසයි.
ඒ වගේම අප සකස් කරන ප්‍රතිපත්ති, අනුගමනය කරන ක්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර, අවස්ථානුකූලව මම මේ පාර්ලිමේන්තුව ඉදිරියේත්, ජනතාව ඉදිරියේත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒවා ගැන සාකච්ඡා කරන්න, විවාද කරන්න අවස්ථාවන් පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් ලබා දුන්නා. ඒ ප්‍රතිපත්ති කිසි විටෙකත් සඟවා තැබුවේ නෑ. හැම පියවරක්ම අප සිදු කළේ පාරදෘශ්‍යභාවයෙන් යුතුවයි.
මම කිසි විටෙක දේශපාලන වාසිය තකා තීරණ ගත්තේ නෑ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලයි. අපට අවාසි වුණත් රටට හිතකර තීන්දු තීරණ ගැනීමට අප පසුබට වුණේ නෑ. අප පුද්ගලික අභිලාෂ පසෙක ලා රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා.
පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දු තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සහ ඉලක්ක නොතකා, රට වෙනුවෙන් ඒ තීන්දු තීරණ වෙනුවෙන් අත් ඉස්සුවා. මතු යම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදීත්වය හිමිවන බව මට විශ්වාසයි.
අප මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මඟින්, රටේ එවකට තිබුණු සැබෑ තත්ත්වය මම පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩා වැටීම වළකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. 2023 වසරේ අයවැය ඔස්සේ ආර්ථිකය කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කිහිපයක් මම ඉදිරිපත් කළා. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවරක් ලෙසයි.
අසීරුවෙන් වුණත්, සමහර අවස්ථාවල අකැමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීර්ණ වෙලා ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා.
අඳුරු ආර්ථික බිම් ගෙයක සිරවී සිටි අපි දැන් බිම් ගෙය කෙළවර ආලෝකය දකිනවා. දැඩි සත්කාර ඒකකයේ පණ අදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තිබෙනවා.
ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනකුට නොසිතූ විරූ දුක්ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ට රැකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදායම් මාර්ග නැති වුණා. තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා. තවත් සමහරුන්ට අයිතිය අහිමි වුණා. මේ බොහොමයක් දුක් කරදර උරුම වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි.
වර්තමානයේ අප උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යළිත් ජනතාවට ලබා දීමටයි. ජනතාවට අහිමි වූ අයිතීන් යළි ලබා දීමේ වැඩපිළිවෙළ උරුමය නමින් පෙරේදා අප ආරම්භ කළා. උරුමය වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් ඉඩම්. අනෙක නිවාස.
මෙතැනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා. 1897 මුඩුබිම් පනත මඟින් ජනතාවගේ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍ය යටත්විජිත රජය ලබා ගත්තා. නිදහසින් පසුව බලයට ආ කිසිදු ආණ්ඩුවක් මේ පැහැර ගත් ඉඩම් අයිතිය යළිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නෑ. අප ඒ ඉඩම් අයිතිය යළි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා. එමඟින් මිලියන දෙකකට අධික ජනතාවකට යළි ඉඩම් අයිතිය ලබා දෙනවා. ඉඩම් හිමියන් මිලියන දෙකක් අපේ සමාජයට එක් කරනවා. මෙය ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක්. ඒ වගේම සහලින් ස්වයංපෝෂණය ලබා දීම පිණිස දශක ගණනාවක් තිස්සේ ගොවි ජනතාව විඳි දුක් මහන්සිය වෙනුවෙන් කෙරෙන උපහාරයක්.
ඒ වගේම මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ හරිහමන් ආදායමක් නෑ. සුදුසු නිවසක් නෑ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම්ලාභී නිවාස 50000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවායේ ජීවත් වන ජනතාවට ලබා දෙනවා.
සාර්ථක ආර්ථික සංවර්ධන මාවතකට පිවිසෙද්දී රටේ සියලු කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම දිළිඳු හා අසරණ ජනතාව වෙත. බරපතළ ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් අප පියවර ගත්තා.
මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මෙමඟින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසි කලෙක ලබා දී නෑ.
අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළැඹෙන උත්සව සමයේ ලබා දෙනවා.
2022 අගෝස්තු මස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා. වෛද්‍යාධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමකින් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම්පත් 4000ක් පමණ ලැබුණා. අප ඒ සියල්ල සඳහා ගෙවීම් කළා. 2023 වසර පුරා රෝගීන් 4917 දෙනකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීම් අපේක්ෂාවෙන් මාස ගණන් ළතැවෙන්නට අවශ්‍ය නෑ. රාජකාරි දින තුනත්, පහත් දක්වා කාලය තුළ ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ වසරේ සිට සියලු වෛද්‍යාධාර සියයට 50 සිට 100 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා. මේ වෛද්‍යාධාරවලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා.
අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා. 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවක් තිබෙනවා. ඒ ගැටලුවට නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා.
රජයේ ආදායම් තහවුරු වෙද්දී ඊට අනුකූලව වැඩි වැඩියෙන් සහන ලබා දීමට අප පියවර ගන්නවා.
අප ලබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිබිඹු වෙනවා. කලෙකට කලින් කතා කළේ විදුලිබල කප්පාදුව නිසා විඳින්නට වෙන කරදර ගැන. එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නෑ අඛණ්ඩව විදුලි බලය ලබා දෙන්න කියලා. අද කතා කරන්නේ විදුලි බිල ගැන. කලෙකට කලින් කතා කළේ කළු කඩයේ පෙට්රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන. තෙල් පෝලිම්වල දවස් තුන හතර රස්තියාදු වීම ගැන. අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අලුතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන. එදා කතා කළේ එළවළුවක් ගන්න විදිහක් නැති එක ගැන. අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන. එදා කතා කළේ පොතක් පතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන. අද කතා කරන්නේ වැට් බද්ද ගැන.
ඔව්. වැට් බද්ද බොහෝ අයට බරක්. අප ඒ ගැන නොදන්නවා නෙවෙයි. ඒ ප්‍රශ්නය අපට නොදැනෙනවා නෙවෙයි. අප ඒ ගැටලුවටත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නෙ. 2022 වසරේ ලියාපදිංච් සංඛ්‍යාව 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,000,029ක් දක්වා ඉහළ නැංවුණා. සියයට 130ක වැඩි වීමක්. බදු ජාලය පුළුල් වෙන්න වෙන්න තනි පුද්ගලයකුට හෝ තනි ආයතනයකට දරන්න වෙන බදු බර අඩු වෙනවා.
ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යද්දී ආර්ථිකය තව තව ස්ථාවර වෙද්දී අප බදු බර අඩු කරනවා. ඒ සමඟම වැට් බදු ප්‍රතිශතය සංශෝධනය කරන්නත් අවකාශ සැලසෙනවා.
අපි මේ සියල්ලම කරන්නේ ණය කන්දක බර දරමින්. පසුගිය කාලය පුරාම අප දැඩි ලෙස වෙහෙසුණේ මේ ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රති සැලැස්මක් සකස් කර ගැනීම සඳහායි. පළමු පියවර ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්වීීපාර්ශවීය විදේශ ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹුණා. තුන්වැනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමඟ දැනට සාකච්ඡා කරගෙන යනවා.
මේ වසරේ මුල් මාස හය තුළ මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මෙය අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වේවි.
මේ වසරේදී සියයට 2ක, සියයට 3ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා. 2025 වසරේ එය සියයට 5 දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා.
2022 වසරේ ගින්දරකට වැටී තිබුණු රට ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2022ට වඩා 2023 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මේ මාර්ගයේම ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා.
නමුත් ඒ පමණින් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
අප තවමත් ද්වීීපාර්ශවීය හා බාහිර වාණිජ පදනමෙන් ලබාගත් කිසිදු ණයක් ගෙවන්නේ නෑ. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීම් ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වගේම ඩොලර් අප සතු විය යුතුයි.
2023 සැප්තැම්බරය වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙවා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයා ගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා අපට වසරකට ගෙවිය යුතු ණය මුදල අඩු කර ගන්න හැකි වෙනවා. ඒ යටතේත් අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් හැමදාමත් ණය ගෙව ගෙවා ඉන්නට බැහැ. දිගින් දිගටම ණය වෙන්නත් බැහැ.
ඒ වගේම අපේ ආදායම සහ වියදම අතර සමබරතාවක් ඇති කර ගැනීමට අප කඩිනම් පියවර ගත යුතුයි. අපේ අයවැය හිඟය බරපතළයි. මේ වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4127ක්. වියදම රුපියල් බිලියන 6978ක්. මෙයින් රුපියල් බිලියන 2651ක් වියදම් වෙන්නේ පොලී ගෙවීම සඳහායි. අපේ ණය කන්දරාවේ බර එයින් පිළිබිඹු වෙනවා.
එක්දහස් නවසිය පනස් ගණන්වලින් පස්සෙ අපි කළේ ණය වෙන එක. හැමදේටම ණය ගන්න එක. පාලකයනුත් ණය ගන්න පුරුදු වුණා. ජනතාවත් මේ ණය ආර්ථිකයටම හැඩ ගැහුණා. හාල් නිකම් දෙනවා. විදුලි බිලට සහන දෙනවා. පඩි වැඩි කරනවා. රජයේ රැකියා ලක්ෂ ගණන් දෙනවා. ඔන්න ඔය වගේ මැතිවරණ පොරොන්දු දීලා බලයට පත් වුණාම ඒවා ඉෂ්ට කළේ ණය වෙලා.
මෙන්න මේ ණය මානසිකත්වයෙන් අප අත් මිදෙන්න ඕනෑ. ණය ආර්ථිකයෙන් ගැලවුණේ නැත්නම් මේ රටට අනාගතයක් නෑ. හෙට දවසක් නෑ.
එහෙනම් අප ණය ආර්ථිකයෙන් මිදී, අපටම කියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීමට වෙහෙසිය යුතුයි.
අපනයන ආදායම් සහ විදේශ ආයෝජන කඩිනමින් ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ කරුණු සාක්ෂාත් කර ගැනීමටයි.
ඒ සඳහා අවශ්‍ය පදනම සකසමින්, ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහි අවසාන ප්‍රතිඵලය තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි. හරිත ආර්ථිකයක් සකස් කර ගැනීමයි. මේ ක්‍රියාවලියේ මූලික ගුණාංග වෙන්නේ දූෂණය තුරන් කිරීම සහ සමාජ නවීකරණයයි.
දූෂණය මෙරටට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒත් දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් හා විධිමත් නීතිරීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක් අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා, හොරු අල්ලනවා කියා කෑ ගැසුවාට හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න නම් ඒ සඳහා පදනම් කර ගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම, විද්‍යාත්මක ක්‍රමවේදයක් ද අවශ්‍ය වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන් ද අවශ්‍ය වෙනවා.
බොහෝ අය හිතාගෙන ඉන්නේ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් ප්‍රශ්නය අවසන් කියායි. එය මිථ්‍යාවක්. දූෂණයක් සිදුවීම වැළැක්වීම සඳහා ද තදබල නීති රීති සකස් කළ යුතුයි. ඒ වගේම දූෂිතයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. දූෂණ මැඬ පැවැත්වීමට මේ කරුණු දෙකම එකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ සඳහා අප දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. දැන් ඒ පනත ක්‍රියාත්මකයි. එවැනි පනත් ක්‍රියාවට නැංවීමේදී අප කිසිවිට දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නෑ. ඒ බව දැන් මුළු රට ඉදිරියේ සනාථ වී තිබෙනවා.
ආර්ථික හා සමාජ නවීකරණයේදී අප අවධානය යොමු කරන ප්‍රධාන කරුණු කිහිපයක් ගැනත් මම මේ ගරු සභාවට අවධාරණය කරන්නට කැමතියි.
සංචාරක ව්‍යාපාරය අපට පහසුවෙන් දියුණු කරගත හැකි ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අවශ්‍ය මිනිස් සහ භෞතික සම්පත් දියුණු කරලීමටත්, රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් අප පියවර ගනිමින් ඉන්නවා. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේ අපේක්ෂාවයි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් අපේ රට පොහොසත්. ඒ අවස්ථාවෙන් අප උපරිම පල නෙළා ගත යුතුයි. ජාත්‍යන්තර තාක්ෂණය මෙරටට ලබාගෙන අපේ රටේ පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කළොත් බලශක්ති අපනයනය කරන රටක් ලෙස විදේශ විනිමය ඉපැයීමට අපට පුළුවන්.
හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදනයෙන් ඉහළ තලයකට පත් වෙන්න අපට අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට දැනටමත් මූලික සැලසුම් සකස් කර හමාරයි.
දේශගුණික විපර්යාස සඳහා දැනටමත් අප දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කාර්යයන් ඉටු කරලීම උදෙසා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටු වීමේ මූලික පියවර දැනටමත් ගෙන අවසන්.
අතීතයේ සිට මේ දක්වාම අපි කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. වගා කරනවා. නමුත් තවමත් අප අනුගමනය කරන්නේ යල් පැන ගිය ක්‍රමවේදයන්ග දශක ගණනාවක් තිස්සේ කෘෂි නවීකරණ කාර්යයන් කිසිවක් අප සිදු කර නැහැ.
වියළි කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉදිරි කන්න තුන හතර තුළ දෙගුණ තෙගුණ කරලීමේ සැලසුම අප ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණ අප තීන්දු කර අවසන්. මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරා ගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මේ අයුරින් වියළි කලාපයේ කෘෂි භෝග ඵලදායීතාව වැඩි කර ගැනීමත් සමඟ තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගන්න අවස්ථාව ලැබෙනවා.
හැත්තෑ ගණන්වලදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරා ගත් ඵලදායී ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් මේ වෙද්දී නාස්තියට ගොස් තිබෙනවා. සමහර ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. සමහර ඉඩම් කිසිදු ව
2026-09-24
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති අතිගරු කාලිඩ් නසර් අල් අමෙරි මහතා (Khaled Nasser Al Ameri) සැප්තැම්බර් 23 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු විය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවා ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පිළිගනිමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දීර්ඝකාලීනව පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කළේය. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත විශාල ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය හරහා දෙරටේ ආර්ථිකයන්ට ලැබෙන දායකත්වය ඇතුළුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඔහු සිය ස්තූතිය පළ කළේය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද නියෝජ්‍ය කථානායකවරයා සිය සතුට පළ කළ අතර, දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද, දසවන පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා, එමඟින් පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කළේය.ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙරටේ ආර්ථිකයන්ට ලබාදෙන දායකත්වය පිළිබඳව තානාපති කාලිඩ් නසර් අල් අමෙරි මහතා සිය ප්‍රසාදය පළ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ නිපුණතාව, සාමකාමී ස්වභාවය සහ ගෞරවනීය හැසිරීම හේතුවෙන්, ඔවුන්ට ඉහළ පිළිගැනීමක් හිමි වන බවද ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් වෙළෙඳ සබඳතා මෙන්ම දෙරට අතර පවතින ශක්තිමත් ගුවන් සම්බන්ධතා පිළිබඳව ද තානාපතිවරයා අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සමාජීය වටිනාකම් සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන පරිදි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීමේ ස්වභාවය පිළිබඳව තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ සුහදශීලීත්වය සහ සිනහව ශ්‍රී ලංකාවේ වටිනා සුවිශේෂී ලක්ෂණයක් බව සඳහන් කළේය. සමීප සහ විශ්වාසනීය මිතුරෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සිය සහයෝගය ලබාදෙන බව ද තානාපතිවරයා මෙහිදී යළි අවධාරණය කළේය.
2026-09-24
හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (සැප්. 24) දිවුරුම් දුන්නේය.කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මෙලෙස පත් කර තිබේ.වෘත්තියෙන් නීතිඥවරයෙකු වන හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මඩකලපුව, ඔට්ටමාවඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇත. එමෙන්ම, ඒ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්කුඩා ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියි.
2026-09-23
අද විවාදට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී සම්මතයිබලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව අද (සැප්. 23) විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය. මේ අතර අද විවාදයට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තව තනතුරු ඇති කිරීම හා පැවැති තනතුරු උත්ශ්‍රේණිගත කිරීමේදී " අධ්‍යක්ෂවරයා" යන තනතුරු නාමය "අධ්‍යක්ෂ ජනරාල්වරයා" ලෙස පදවි නාම ගත වුව ද, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනතේ පවතින ප්‍රතිපාදන ඊට අදාළව සංශෝධනය වී නොතිබිණි. තවද, ඊට අනුශාංශිකව, සංශෝධනය විය යුතු අනෙකුත් පදවි නාම ද සංශෝධනය වී නොතිබූ අතර මෙම පනත් කෙටුම්පත මගින් එම සංශෝධන හඳුන්වා දී ඇත. එමෙන්ම, උක්ත පනතේ සඳහන් " නිවේදිත කෘෂිකාර්මික භෝග '' ලෙස නම් කර ඇති අපනයන කෘෂි භෝගවල අර්ථ විවරණයන් වර්තමානයේ පවතින නිෂ්පාදන හා වෙළඳ පොළ තත්ත්වයන් සලකා බැලීමේ දී ප්‍රායෝගික නොගැළපීම් පෙන්නුම් කරන බැවින් වර්තමානයේ හා අනාගත අපනයන කෘෂි කර්මාන්තයට උචිත වන පරිදි අදාළ අර්ථ ගැන්වීම, නිර්වචනය කර සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබිණි.ඒ අනුව, පනතේ 19 වන වගන්තියේ " අපනයන කෘෂිකර්ම භෝගය " යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට ආහාර භෝග ඛාණ්ඩයට අයත් වන වී, එළවළු, පලතුරු, අල භෝග සහ අතිරේක ආහාර භෝග හැර දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාවක් ඇති භෝගයක් වශයෙන් හඳුනාගත් සහ මේ පනතේ 2 වන වගන්තිය යටතේ “නිවේදිත කෘෂිකාර්මික භෝගයක්" ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් භෝගයක් අදහස් වන බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත. එසේම වැවිලි භෝගයක් ලෙස හඳුනාගත් යම් භෝගයක් මෙයට ඇතුළත් නොවිය යුතු බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.
2026-09-23
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (සැප්. 22) සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ.