පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-29
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
සියවසකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන පළාත් පාලන නීති වර්තමාන සමාජ අව්‍යශතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අනු කමිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා (නොවැ. 27) පැවතී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනි.
පළාත් පාලන ආයතනවල සේවාවන් වඩා ඵලදායීව ඉටු කිරීම සඳහා එම ආයතනවල පුහුණු හා අත්දැකීම් සහිත නිලධාරීන් ස්ථාන මාරුවීම බරපතල ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බැවින් පළාත් පාලන විශේෂඥ දැනුම සහිත නිලධරයෙකු ලේකම්ධුරයට පත් කිරීමටත් අදාළ පළාත් පාලන ආයතනවල එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මුදල් වැය කොට පුහුණු අවස්ථා ලබාගත් නිලධාරීන් පළාත් පාලන ආයතන අතර පමණක් ස්ථාන මාරු කිරීමටත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා විසින් ගෙන ආ යෝජනාව හා වර්තමානයේ සිදුවන වේගවත් නාගරීකරණය හමුවේ පළාත් පාලන නීතිවල සිදුවිය යුතු යම් යම් වෙනස්වීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා මෙම අනු කමිටුව පත් කිරීමට නියමිතය.
වර්තමානයේදී මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතනවල දෛනික කටයුතු වඩා ජනතාවාදී ලෙස ඉටු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කර ඇත. විශේෂයෙන් ස්වාභාවික ආපදා හා ඩෙංගු උවදුර වැනි ගැටලුවලදී ඇතැම් පළාත් පාලන ආයතන මන්දගාමීව කටයුතු කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බවත්, ඉදිරියේදී එම තත්වය අවම කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රමාත්‍යවරයා සඳහන් කරන ලදී.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරු සිදුකිරීමේදී කොට්ඨාෂ තුළ සේවය කළ හැකි උපරිම කාලය වසර 6ක් ලෙසත්, දිස්ත්‍රික්කය තුළ සේවය කල හැකි උපරිම කාලය වසර 10ක් ලෙසත් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මඩකලපුව දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් එකම ස්ථානයක සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරුන් ජන වාර්ගිකත්වයට හානියක් නොවන ලෙස දිස්ත්‍රික්කය තුළ ස්ථාන මාරු සිදු කිරීමට කටයුතු කරන ලෙස කේ. කරුණාකරම් මන්ත්‍රීතුමා සිදු කරන ලද යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් දුන්නේය.
පළාත් සභා තුළ දීර්ඝ කාලයක් සේවය කරන පරිපාලන සේවයේ නිලධාරීන් හට විශේෂ වරප්‍රසාදයක් ලබා දීමකින් තොරව සෙසු රාජ්‍ය නිලධාරීන් හා සමානව ස්ථාන මාරුවීම් ක්‍රියාවලියට ඇතුල් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.
2024 වර්ෂයේ පළාත් සභා වෙත වෙන් කරන මුදල් එක් එක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය සහිතව වැය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
අග්‍රාමාත්‍යවරයාගේ වව්නියාව සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාදව පැවතී උප්පැන්න හා මරණ සහතික නිකුත් කිරීම දැනට වේගවත්ව සිදු කරන බවත්, ඒ පිළිබඳ අග්‍රමාත්‍යතුමාට විශේෂ ස්තූතියක් ලබාදිය යුතු බවත් කේ. දිලීපන් මන්ත්‍රීතුමා සඳහන් කරන ලදී.
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ගරු ජානක වක්කුඹුර, ගරු අශෝක ප්‍රියන්ත මහතා ඇතුලු රාජ්‍ය අමාත්‍යවරු, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, අදාළ රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු නිලධාරීහු රැසක් සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


