E   |     |  

2022-06-07

පුවත් කාණ්ඩ : පුවත් 

මේ අසීරු අවස්ථාවේ ඉඩ ප්‍රස්ථාවන් පාදා ගනිමු. මේ ඉඩ ප්‍රස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගෙන රට යළි ගොඩ නංවමු - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

මේ අසීරු අවස්ථාවේ ඉඩ ප්‍රස්ථාවන් පාදා ගතයුතු බවත් මේ ඉඩ ප්‍රස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගෙන රට යළි ගොඩ නැංවියයුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “ඉන්ධන සඳහා රටට මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 500 ක් පමණ වෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප  සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානය වෙද්දි 40% කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා . මේ පසුබිමේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කරන්න බෑ. කෙසේ හෝ ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි.” යනුවෙන්ද පැවසීය.

ගෑස් ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙන බව දැක්වූ අග්‍රාමාත්‍යවරයා දැනට ගෑස් ගෙන්වා ගැනීම සඳහා බහුපාර්ශවීය ආධාර දේශීය මුදල් සහ ඉන්දීය ණය යොදා ගන්නා බවද සඳහන් කළේය.ඉදිරි මාස හය සඳහා ගෑස් සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍ය බවද එතුමා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කථාව පහතින් දැක්වේ.

අපිත් අපේ රටත් මුහුණ දෙන තත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වයෙන් යළිත් රට නඟාසිටුවීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග හොයාගන්න වෙනවා . සම්ප්‍රදායික දේශපාලන මතවාද කෙටි කාලෙකට පසෙක තියා, රට ගොඩනැගීම සඳහා සාමූහික උත්සාහයක් දැරිය යුතු වෙනවා. මුළු රටේම ජනතාව ඒ උත්සාහය කොටස්කරුවන් විය යුතුයි. රට වෙනුවෙන් අපි හැමෝටම කාර්යභාරයක් පැවරෙනවා.

මෙතනදී අපේ මූලික අවධානය යොමු වන්නේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරලීමටයි. හැබැයි ආර්ථික ස්ථාවර භාවයක් ඇති කළ පමණින් අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. අපි අපේ රටේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරගත යුතු වෙනවා.

මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙන්නේ ප්‍රාතිහාර්ය වලින් නෙවෙයි. සටන් පාඨ වලින් නෙවෙයි . මැජික් වලින් නෙවෙයි. හැඟීම් වලින් නෙවෙයි. බුද්ධිමත්ව සිතා සකස්කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වෙහෙසීමෙන් සහ කැපවීමෙන්.

ඉන්ධන සඳහා රටට මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 500 ක් පමණ වෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප  සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානය වෙද්දි 40% කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා . මේ පසුබිමේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කරන්න බෑ. කෙසේ හෝ ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි.

ගෑස් ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.  දැනට අපි ගෑස් ගෙන්වා ගැනීම සඳහා බහුපාර්ශවීය ආධාර දේශීය මුදල් සහ ඉන්දීය ණය යොදා ගන්නවා .ඉදිරි මාස හයේ gas සඳහා අපට ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි.

ඒ වගේම ඉන්ධන සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් වෙනවා. අප සියලු දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කර ගත යුතු කාලයක්. ඒ නිසා මේ කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස මම සමස්ත පුරවැසියන් ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වනවා.  ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු.

අපට අවශ්‍ය ආහාරවලින් කොටසක් අපි දේශීයව නිපදවා ගන්නවා. ඉතිරිය පිටරටින් ගෙන්වනවා. ගෙවුනු මහ කන්නයේ අපේ අස්වැන්න පහළ මට්ටමකට වැටුනා. යල කන්නයේ මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙනවා අප දැන් සිටම වෙහෙසිය යුත්තේ ඊළඟ මහ කන්නය සාර්ථක කර ගන්නටයි. නමුත් ඒ අස්වැන්න එන්නේ 2023 පෙබරවාරි අවසානයේදීයි. සහල් පිළිබඳව කතා කළොත් අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් මිලියන 2.5ක්.  නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් පමණයි. සහල් වගේම අනෙකුත් භෝග ගණනාවකටම මේ තත්ත්වය පොදුයි. ඒ නිසා තව මාස කීපයකින් ආහාර අතින් බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරාලීමට  පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 150 ක්.

කඩාවැටෙමින් පවතින කෘෂිකර්මය ගොඩනැංවීමේ කාර්යයන් අප වහාම ආරම්භ කළ යුතුයි. අපේ අපනයන බෝග සඳහා  වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ අපට අහිමි වෙමින් යනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට රසායනික පොහොර අවශ්‍යයි. වී එළවළු පළතුරු ප්‍රධාන අනෙක් බෝග සඳහාත් තේ රබර් පොල් ඇතුළු අපනයන බෝග සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට වසරකට ඩොලර් මිලියන 600 ක් වැය වෙනවා. වගාවක ආරම්භයේ සිට අවසානය දක්වා වරින් වර පොහොර යෙදීමට සිදුවන නිසා මේ පොහොර ආනයනය අඛණ්ඩව හිඟයකින් තොරව කිරීම අවශ්‍යයි. නැත්නම් මුදලත් වෙහෙසත් අපතේ යැවීමක්.

දැනට රටට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා. ඒ වගේම විවිධ රටවලින් ආධාර ලබා ගැනීමට සැලසුම් සකස් කළා. ඒ කණ්ඩායම් සහ රටවල් බේත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබාදෙන නිසා ඉදිරි මාස හය සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන්ට අපේ ස්තුතිය පුද කර සිටිනවා.

මේ තත්ත්වය මත ඉදිරි මාස 6 තුළ අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 5ක මුදලක් අපට අවශ්‍යයි.

එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යද්දී  ඊට සමාන්තරව රුපියල ශක්තිමත් කළ යුතුයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියන 1 ක මුදලක් අපට අවශ්‍යයි.

ඒ කියන්නේ ඉදිරි මාස හය රට නොවැටී පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් හොයා ගැනීම අවශ්‍ය වෙනවා.

මේ සියල්ල මැද දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි.  ඒ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය  3.5 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සංඛ්‍යාලේඛන අනුව තත්ත්වය ඊටත් බැරෑරුම්. ඔවුන්ට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 6.5 ක්.  යුක්රේන  යුද්ධයේ බලපෑම නිසා මුලු ලෝකයේම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ලබන වසරේ පහත වැටෙනවා. යළි යථා තත්ත්වයට පත්කර ගත හැක්කේ  2024 වසරේදී බව පුරෝකතනය  කර තිබෙනවා.

අප ඒ ලෝක තත්ත්වයටත් මුහුණ දියයුතු වෙනවා.

2019 දී අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 6.6 ක ආදායමක් අහිමි වුණා. අපේ ආර්ථිකය කඩා කඩාවැටීම ඇරඹුණේ එතනින්. ඒ නිසා අපි වහාම 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතු වෙනවා. අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැනින්.

පසුගිය කාලවකවානුවේ අසීමිතව මුදල් අච්චු ගැසූ  බව අප කවුරුත් දන්නා කරුණක්. 2020 සිට 2022  මැයි 20 වනදා දක්වා රුපියල් බිලියන 2.5 ක මුදලක් මුදාහැර තියෙනවා. වර්තමානයේ අප මුහුණ දෙන තත්වය නිසා රජයේ බොහෝ ආයතන වල විධිමත් මූල්‍ය කළමනාකරණයක් සිදු වන්නේ නැහැ. ඒ නිසා අලුත් ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඊට එක් උදාහරණයක්. ඔවුන් සතුව අරමුදල් තිබුනත් භාණ්ඩාගාර රෙගුලාසිවලට අනුව ඒ අරමුදල් කළමනාකරණය කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. වර්තමානයේ අපේ රට පත්ව ඇති තත්ත්වය මත කිසිදු රාජ්‍ය ආයතනයක පාඩු පියවා ගැනීමට මුදල් ලබාදීමේ හැකියාවක් රජයට නැහැ. ඒ ණය බර රජයට හෝ රාජ බැංකුවලට තවදුරටත් දරන්න බැහැ.  

අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඒ සාකච්ඡාවන් සඳහා අප පදනම් කරගත්තේ අපේ ඉදිරි ආර්ථික සැලැස්මයි. ඒ අනුව  2023 වසර අපිට සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. අප විසින් වසර අවසන්  වෙද්දී ආර්ථික ස්ථාවර භාවය ඇතිකර ගත යුතුයි.  ඉන්පසු 2024 වසර වෙද්දි මූල්‍ය දිරිගැන්වීම් ඔස්සේ ආර්ථික උත්තේජනයක්  ඇතිකර ගැනීමේ අවකාශ අපට  උදා වෙනවා. 2025 වෙද්දි අපේ අය අයවැය සමබර තත්වයට ගෙන ඒම හෝ ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගැනීම අපේ අරමුණයි. මේ දීර්ඝ දීර්ඝකාලීන ඉලක්කය කරා යෑමට මේ ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩු බලය හොබවන පුද්ගලයන්, කණ්ඩායම්, පක්ෂ වෙනස් වුවත් අප මේ තම තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමත්, කාර්ය සාධනය උපරිම මට්ටමකින් පවත්වාගෙන යෑමත්, අනිවාර්ය වෙනවා.

 මේ කාර්යයේ දී අපේ විදේශ සම්බන්ධතා ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ජාත්‍යන්තර  සහයෝගය උපරිමයෙන් ලබා ගත යුතු වෙනවා. යම් යම් වැරදි ක්‍රියා මාර්ග නිසා අපි ලෝකයෙන්ම කොන් වෙච්ච රටක් බවට පත්වෙමින් යනවා. ඒ තත්ත්වය ආපසු හැරවීම ලේසි නැහැ. ඒත් අප කෙසේ හෝ එය කළ යුතුයි.

මම මේ වෙද්දි විදේශීය තානාපතිවරුන් සමග නිරන්තර සාකච්ඡා  පවත්වමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිතුමා. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් තුමිය සහ බ්‍රිතාන්‍ය අගමැතිතුමා සමග දුරකථන සාකච්ඡා  පැවැත්වූවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා.   

මේ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේදී අපේ රටට සහය දැක්වීමටත් ආධාර කිරීමටත් එකඟත්වය පළ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 09 වැනිදා මුලූ ලෝකයටම විවෘත ආයාචනයක් කරන්න කටයුතු සූදානම් කර තියෙනවා. ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා සහය වන ලෙසයි ඔවුන් ඒ ඉල්ලීම කරන්නේ. ඔවුන් මේ වැඩ පිළිවෙළ ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයන් වෙනුවෙන් ඩොලර් මිලියන මිලියන 48 ක මුදලක් මාස 4 ක කාලයක් තුළ ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා.

අපට ණය සහ ආධාර ලබාදෙන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව, චීනය සහ ජපානයයි. අපට කවදත් හිතවත්ව සිටි මේ රටවල් සමඟ ඇති සබදතා දැන් බිඳ වැටී තියෙනවා. අප ඒ සබඳතා යළි ශක්තිමත් කර කරගැනීම අවශ්‍යයි.

මීට ටික කලකට පෙර චීන මහජන සමූහාණ්ඩුවෙන් ස්වොප් පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම් පමණයි. ණය මුදල ලබා ගන්න කොට අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියෙද්දි අපේ අදාළ නිලධාරීන් රට රැවටීමේ ණයක් ලබා ගත්තා. අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නැහැ. ඉලක්කම් විතරයි දැන් අපි ඒ කොන්දේසිය ඉවත් කිරීම සඳහා සලකා බලන මෙන් චීන රජයෙන් ඉල්ලීමක් කර තියෙනවා.

ජපානය අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. අපේ රටට බොහෝ උදව් උපකාර කළ මිත්‍ර රටක්. නමුත් පසුගිය කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් නිසා දැන් ඔවුන් ඉන්නේ හිත හොඳින් නෙවෙයි. යම් යම් ව්‍යාපෘති අත්හිටුවීම පිළිබඳව අපේ රට ජපානයට විධිමත් අයුරින් දැනුම් දීමක්වත් කර නැහැ. සමහර අවස්ථාවල කිසිදු හේතු දැක්වීමක්වත් කර නැහැ. ජපානය අපේ රටේ සිදු කළ සමහර ව්‍යාපෘති අතරමග නවතා දමා ඇත්තේ තනි පුද්ගලයෙක් ලබාදුන් වාර්තා අනුවයි.

එල්. එන්. ජී. විදුලි බලාගාර දෙකක් අපට ලබාදීමට ජපානය සහ ඉන්දියාව එකඟ වී සිටියා. විදුලිබල මණ්ඩලය කිසිදු සාධාරණ හේතුවකින් හා පදනමකින් තොරව ඒ ව්‍යාපෘති දෙකම නවතා දැම්මා.

2019 වන විට ජපානය අපේ රටට ඩොලර් බිලියන 3ක පමණ වටිනාකම් ඇති ව්‍යාපෘති ලබාදීමට එකඟත්වය පළකර තිබුණා. කිසිදු හේතු දැක්වීමකින් තොරව මේ ව්‍යාපෘති සියල්ලම අත්හිටුවා දැම්මා.

මිත්‍ර රටවල් වලින් අපට ලබාදුන් වටිනා ව්‍යාපෘති පදනම් විරහිත හේතුවකට නවතා දැමීම පිළිබඳව විමර්ශනය කරන මෙන් මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල කමිටුවෙන් ඉල්ලා සිටිනවා.

හිතවත් රටවල් ඈත් කර ගත් පසු බිමක පවා  ඉන්දියාව අපට උපකාර කිරීමට ඉදිරිපත් වුනා. මේ අසීරු අවස්ථාවේ අප ඔවුනට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ජපානය සමග පැරණි මිතුදම් යළි ශක්තිමත් කර ගැනීමට අප වෙහෙසෙනවා.

අපට ණය දෙන මිත්‍ර රටවල් එක් කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියා. ඉන්දියාව චීනය සහ ජපානයේ ප්‍රධානත්වයෙන් මෙවැනි සමුළුවක් පැවැත්වීම අපේ රටට විශාල ශක්තියක් වෙනවා. චීනය සහ ජපානය ණය ලබාදීමේ දී අනුගමනය කරන ප්‍රවේශයන් වෙනස්.   මෙවැනි සමුළුවක් මාර්ගයෙන් ණය ලබා දීමේ ප්‍රවේශයන් පිළිබඳව කිසියම් එකඟත්වයකට පැමිණිය හැකි බව අපේ විශ්වාසයයි.

මෙතෙක් ලබාගත් ණය ආපසු ගෙවීමේ වගකීම අපට පැවරෙනවා. බහුපාර්ශවීය ආයතනයන් යන්ගෙන් ලබාගත් ණය වාරික ගණනාවක් මේ මාසයේ ගෙවන්නට තියෙනවා. අප ණය වාරික ගෙවීම් පැහැර හරින්නේ නෑ. ඉදිරියේදී අලුතෙන් ණය ගැනීමට ද අපට සිදු වෙනවා ඒ ණය ගෙවීමේ වගකීමක් අපට තියෙනවා.

රට රටවලින් ලබා ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට එළඹුණු සැණින් අපේ අවධානය යොමු කළ යුතු වෙන්නේ අපේ රට ලබාගෙන ඇති පුද්ගලික ණය පිළිබඳවයි. මේ ගැන සොයා බැලීම උදෙසා අප ජාත්‍යන්තර මූල්‍ය උපදේශන සමාගමක් වන lezard ආයතනයේත්, ජාත්‍යන්තර නීති උපදේශන සමාගමක් වූ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේත් විශේෂඥ උපදෙස් ලබා ගන්නවා.  

ලබා ගත් ණය ආපසු ගෙවීමට නම් අපට විදේශ විනිමය තිබිය යුතුයි. විදේශ විනිමය උපයා ගැනීම උදෙසා අපනයන ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපේ රට පිහිටා තියෙන්නේ උපාය මාර්ගික වශයෙන් වැදගත් තැනක. ඒ පිහිටීම තරගකාරී තලයකට පිවිසීම සඳහා යහපත් සාධකයක්. සිංගප්පූරුව සහ ඩුබායි යන ආර්ථික මධ්‍යස්ථාන අතර අපට තවත් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වීමේ අවකාශ තියෙනවා.අපේ ගමන් මග සැලසුම් කර ගැනීමට වියට්නාමය ඉතා හොඳ ආදර්ශයක්. විවිධ නිෂ්පාදන අගයන් එකතුකිරීම් ඔස්සේ අපනයනයට යොමු කළ යුතු වෙනවා.  ඒ වගේම විවිධ රටවල් සමඟ සිදුකරන ගනුදෙනු වලදී වෙළෙඳ ශේෂයේ අතිරික්තය හැකි තරම් අවම මට්ටමක පවත්වාගෙන යෑමටත් අප වෙහෙසෙන්නට අවශ්‍යයි .

අපේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. සියවන නිදහස් සැමරුම පවත්වන 2048 වෙද්දි වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමයි.

දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නෑ ඉතින් අපි මුලින්ම කරන්න ඕනෙ මොකක්ද. අපි මේ  කොම්පියුටරය යළි සාදාගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොම්පියුටරය reset කිරීම. අතුරු අයවැය මගින් කරන්නේ computer reset කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දාගන්න කිසිම වයිරස් එකකට එන්න ඉඩක් නැති virus guard එකක් දාගන්න. එත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපසු පණ ගැන්විය යුතුයි reset කළ යුතුයි.

ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අප ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. මම කලිනුත් සඳහන් කළා වගේ අපේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යළි ප්‍රකෘති තත්වයට ගෙන ඒමේ පදනම මේ අයවැය මගින් සකස් කිරීමයි අපේ බලාපොරොත්තුව.

අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමනවා. අනෙක් වියදම් සීමා කරනවා. ඒ වගේම අර්බුදයට ලක් වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් යළි නගා සිටුවීම කෙරෙහි අපේ අවධානය යොමුකරනවා. අපනයන ආර්ථිකය සංචාරක ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු වෙනවා .

ඒ වගේම අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති දුර්වල ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතු බව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. ඔවුන් ඊට එකඟත්වය පළ කළා. අප අතුරු අයවැය සකස් කරන්නේ ඒ කරුණු පදනම් කර ගෙනයි.

එහිදී අප අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි .

1 ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම.

ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමීක්ෂණයකින්  හෙළි වී තියෙන්නෙ ඒ සඳහා සහභාගි කරගත් පවුල්වලින්  73% ක් තම තමන්ගේ ආහාර වේල් සහ ආහාර ප්‍රමාණයන් කපා  හැර දමා ඇති බවයි. ඒ තත්වය වෙනස් කර මේ ආහාර සුරක්ෂිතතා වැඩ සැලැස්ම අනුව හිඟයකින් තොරව ආහාර ලබාදීමට අප ක්‍රියා කරනවා. තුන්වේල කන්නට පුළුවන් තත්වයක් රටේ නිර්මාණය කරනවා .

2 සහනාධාර සීමාව ඉහළ නැංවීම.

ආර්ථිකය බිමටම වැටී ඇති මේ අවස්ථාවේ ජනතාව විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා. අප ඔවුන්ගේ පීඩාව හැකිතරම් ඉහිල් කරන්න පියවර ගන්නවා. ආර්ථික ශක්තියක් නැති ජනතාවට විවිධ සහන ලබාදීම උදෙසා දැනට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 350ක්. මේ මුදල ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.

3 ගොවි ණය සියයට සියයක්ම කපාහැරීම.

කුඩා ඉඩම් වල වී වගාව කරන ගොවි පවුල් අති දුෂ්කර තත්වයනට පත් වී ඉන්නා බව අප දන්නවා. හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමනවා.

4 ජනතාවට තම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා ලබාදීම.


ස්වර්ණභූමි මහවැලි ආදී ඔප්පු මගින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් සින්නක්කරවම ලබාදීමේ වැඩපිළිවෙළක් මීට කලින් අප ආරම්භ කළා. සමහර පළාත් සභා ඒ වැඩ පිළිවෙලට විරුද්ධව වුණා. ඒ නිසා එය සාර්ථක කර ගැනීමට හැකිවුණේ නෑ. දැන් එවැනි විරෝධතාවක් මතු වන්නේ නැති නිසා ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට පියවර ගන්නවා.

5 නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායි පදනමකින් පදිංචිකරුවන්ට ලබාදීම.

නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත්වෙන පවුල් ඉන්නවා. නිවසේ අයිතිය වෙනුවෙන් දීර්ඝකාලීන පොලී ගෙවන අයත් ඉන්නවා. අපි සහනදායි පදනමක් යටතේ මේ සියලු නිවාස වල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමට පියවර ගන්නවා.

6 චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම.

මා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවේන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස අපේ රටට පිරිනමනවා. මේ නිවාස අතරින් එකසිය අටක් අපි කලාකරුවන් වෙනුවෙන් වෙන් කර තියෙනවා. මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට ලබාදීමට අප කටයුතු කරනවා. මගේ බලාපොරොත්තුව ඒ නිවාස 1888 ම නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීමටයි.  

රට ඇද වැටී ඇති අවස්ථාවක ජනතාව දැඩි පීඩනයකට ලක් නොකොට ආර්ථිකයත් රටක් යළි ඔසවා තැබීමටයි අප මේ වෙහෙසෙන්නේ. හැම අංශයක් ගැනම විමසමින් හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමයි අපේ අපේක්ෂාව.

පියවරෙන් පියවර මෙහෙම ඉදිරියට ගියොත් අපට අපේ රට බේරා ගන්නට පුළුවන්. මෙතන තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක් හෝ පක්ෂ ප්‍රශ්නයකට ඔබ්බෙන් ගිය අනතුරුදායක තත්වයක්. මේ අනතුර සහ බරපතලකම තේරුම් ගනිමු. මෙවැනි අනතුරුදායක තත්ත්වයක දී අතීතය පෑරීමෙන් පලක් වෙන්නේ නෑ. කෙටි කාලයකට අපි අතීතය අමතක කරමු. රට යළි ඔසවා තැබීමේ වෑයමේ දී අපි අනාගතය ගැන පමණක් සිතා කටයුතු කරමු.

 රටක් යළි ඉහළට ඔසවා තැබීමේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැහැ. ඊට සමාන්තරව සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණයන් ද අවශ්‍ය වෙනවා. පසුගිය දිනයක අරගල බිමේ සිට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මතු කළ කරුණක් ගැන මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.

එහිදී අදහස් පළ කරමින් දමිතා අබේරත්න කලාකාරිනිය මගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරා. මේ ගැටළුවට විසඳුම් ස



සම්බන්ධිත පුවත්

2026-09-01

ගරු කථානායකතුමා කාම්බෝජයේ පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවට සහභාගී වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සෙනරත්න මහතා සමඟින්, 2026 අගෝස්තු මස 26 සිට 28 දක්වා කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන අතිගරු ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය. එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ගරු ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ මහතා සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ගරු ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ මහතා සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ ගරු කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ ගරු කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.සිය දේශනය අවසන් කරමින් ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බව ද එතුමා පෙන්වා දුන්නේය.කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.එමෙන්ම, ගරු කථානායක වික්‍රමරත්න මහතා නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.සමුළුව අවසානයේ “නොම් පෙන් ප්‍රකාශනය” (Phnom Penh Declaration) නිල වශයෙන් සම්මත කර ගන්නා ලදී. ජාත්‍යන්තර මතභේද සාමකාමීව විසඳීම සඳහා ඒකාබද්ධ ව්‍යවස්ථාදායක රාමුවක් තහවුරු කිරීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් විය. කාම්බෝජ ජාතික සභාවේ සභාපති ගරු ‘Samdech Maha Rathsapheathika Thipadei Khuon Sudary’ මහත්මිය විසින් සමුළුවේ සමාප්ති දේශනය සිදු කරන ලදී.


2026-08-28

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම  සඳහා කාලය වෙන් කර  ඇත.සැප්තැම්බර් 9  බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 සිට  පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.සැප්තැම්බර් 10  බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව  සඳහා කාලය වෙන් කර  ඇත.සැප්තැම්බර් 11 සිකුරාදා  පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට ය‍ටත් කිරීමඅජිත් පී. පෙරේරා මහතාශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමසුජීව දිසානායක මහතාපරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනන්ද බණ්ඩාර මහතාකඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීමටී. කේ. ජයසුන්දර මහතාකිතුල් කර්මාන්තය නගා සිටුවීම(ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.


2026-08-28

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහනක් නවදිල්ලි නුවරදී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම  ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව  උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව  වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ  අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ.  මෙම වැඩසටහන සාර්ථක  කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම  මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.


2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks