logo

02

E   |     |  

ජූලි මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2026 ජුනි මස 25 සහ 26 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2026 ජූලි මස 7 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 (i) පුරාවස්තු ආඥාපනත යටතේ නියෝග — අනුමත කිරීමට
(2026.06.25 දින නිකුත් කළ අංක 159 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)

(ii) දූෂණ විරෝධී පනත යටතේ නියෝග - අනුමත කිරීමට
(2026.06.26 දින නිකුත් කිරීමට නියමිත අංක 3(15) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.07.07 දිනට නියම කර ඇති අංක 8 සහ 9 දරන අයිතමයන් බලන්න)
 
2026 ජූලි මස 8 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 (i) ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග - අනුමත කිරීමට
(ii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට
(2026.06.26 දින නිකුත් කිරීමට නියමිත අංක 3(15) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.07.07 දිනට නියම කර ඇති අංක 1 සහ 2 දරන අයිතමයන් බලන්න)
(iii) මෝටර් වාහන පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2026.06.26 දින නිකුත් කිරීමට නියමිත අංක 3(15) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.07.07 දිනට නියම කර ඇති අංක 5 දරන අයිතමය බලන්න)
(iv) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් – අනුමත කිරීමට
(2026.06.26 දින නිකුත් කිරීමට නියමිත අංක 3(15) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.07.07 දිනට නියම කර ඇති අංක 6 සහ 7 දරන අයිතමයන් බලන්න)
ප.ව. 3.30 සිට ප.ව. 5.30 විදේශගත සංක්‍රමණික සේවකයින් සම්බන්ධ ගැටළු පිළිබඳ කල් තැබීමේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2026 ජූලි මස 9 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම 

(2026.06.25 දින අංක 159 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2, 3 සහ 4 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 
2026 ජූලි මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) ඉන්ධන පිරවුම්හල් සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාදාමය නියාමනය කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම
(ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා)
(ii) රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ‍‍‍ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම
(ගරු උපුල් කිත්සිරි මහතා)
(iii) “ශ්‍රී ලංකා බයිතුල්මාල් අරමුදල” නමින් අරමුදලක් ආරම්භ කිරීම
(ගරු (ආචාර්ය) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා)
(iv) පාසල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුවලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor) පත් කිරීම
(ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය) 
(v) විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන්” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීම
(ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය)
(vi) ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පිහිටි ආපනශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
(ගරු රුවන්තිලක ජයකොඩි මහතා) 
(vii) යාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධනය කිරීම
(ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks