04

E   |     |  

අප්‍රේල් මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2026 මාර්තු මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2026 අප්‍රේල් මස 07 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 4.45 (i) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවනවර කියවීම
(2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)
(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවනවර කියවීම 
(2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)
(iii) ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග – අනුමත කිරීමට 
(2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)
(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග – අනුමත කිරීමට 
(2026.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)
(v) ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති – අනුමත කිරීමට 
(2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)
ප.ව. 4.45 සිට ප.ව. 5.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම – අනුමත කිරීමට
(2026.03.19 දින අංක 139 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)
ප.ව. 5.30 ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018) – අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2026.03.19 දින අංක 139 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)
 
2026 අප්‍රේල් මස 08 වැනි බදාදා

මෙම දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් නොමැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 
2026 අප්‍රේල් මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 (i) යුද්ධ හමුදා පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(ii) නාවික හමුදා පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(iii) ගුවන් හමුදා පනත යටතේ නියෝග – අනුමත කිරීමට

(ඉහත (i.), (ii.) සහ (iii.) දක්වා අයිතමයන් 2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2026.03.20 දින නිකුත් කිරීමට නියමිත අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(iv) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට
(අදාළ නියෝගය ගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළහොත්)

(v) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට
(අදාළ ප්‍රකාශනය ගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළහොත්)
ප.ව. 2.00 සිට ප.ව. 5.30 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30

බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව
(එම යෝජනාව දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස 2026.03.20 දින නිකුත් කිරීමට නියමිත අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) 

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks