බලන්න

E   |     |  

2014 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්  සාදන ලදුව 2014 නොවැම්බර් 04 දිනැති අංක 1887/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 21 දිනැති අංක 1885/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(iii)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2013 වර්ෂය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව
(ii)    උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව

පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2015) - කාරක සභා අවස්ථාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ විසි තුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

(i)    සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය - සම්මත විය
(ii)   විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට

 

(iii)    මඩහපොළ ශ්‍රී රත්නපාලාරාම විහාරස්ථ සාසන හා බෞද්ධ අධ්‍යාපන සංවර්ධන පදනම (සංස්ථාගත කිරී‍මේ) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 4 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.

 

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(iv)    කල්පවෘක්ෂ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(v)    සිව්මුනි සෑ වෙහෙර බෞද්ධ පදනම (සංස්ථාගත කිරීමේ)
(vi)    පී. හැරිසන් ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(vii)    මානසික උපප්‍රකෘති ළමා පාසලේ ශුභ සාධක සමිතිය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)
(viii)    ශ්‍රී ලංකාවේ සමාජ වැඩ වෘත්තීයවේදීන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2014 නොවැම්බර් මස 24 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2015]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks