E   |     |  

2014 ඔක්තෝබර් මස 31 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා මහජන බැංකුවේ
(ii)   2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

(iii)  2013 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2015) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පාසල්වල ක්‍රියාත්මක කරන මහින්දෝදය ‘ඥාන ප්‍රදීප’ වැඩසටහන” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජානක වක්කුඹුර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදය පැය  1830 ට 2014 නොවැම්බර් මස 1 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2015]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks