E   |     |  

2014 ඔක්තෝබර් මස 20 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනී සේවයේ
(ii)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

(iii)   2013 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් කුමාර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2012 පෙබරවාරි මස 22 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)   ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2014 ඔක්තෝබර් මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks