E   |     |  

2014 සැප්තැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(ii)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ
(iii)   2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA)
(iv)   2011/12 වර්ෂය සඳහා සී/ස. කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ
(v)   2012 වර්ෂය සඳහා පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ්හි

වාර්ෂික වාර්තා

(vi)  2013 වර්ෂය සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(vii)   2013 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ
(viii)  2013 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ
(ix)   2012 සහ 2013 වර්ෂ සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ
(x)    2013 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ
(xi)   2013 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ
(xii)   2013 වර්ෂය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(xiii)   2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2014

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ප්‍රධාන නගරවල සිට බත්තරමුල්ල දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජානක වක්කුඹුර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2014 සැප්තැම්බර් මස 24 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks