E   |     |  

සභාවේ කටයුතු


බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හරින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව සභාවට නිවේදනය කරන ලදී.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ 8 වැනි සහ 29 වැනි වගන්ති සමග කියවිය යුතු එම පනතේ 82(අ) වැනි වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජූලි මස 18 දිනැති අංක 1871/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ii)    2011 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ
(iii)   2012 මාර්තු 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය සඳහා බීසීසී ලංකා ලිමිටඩ්හි
(iv)   2013 මාර්තු 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය සඳහා බීසීසී ලංකා ලිමිටඩ්හි

වාර්ෂික වාර්තා

(v)    2013 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

පහත පනත් කෙටුම්පත් පිළිබඳ “ඒ” ස්ථාවර කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී:-

(i)    ලංකාවේ රෝමානු කතෝලික අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා (සංශෝධන)
(ii)    ජෝන් සෙනවිරත්න පදනම (සංස්ථාගත කිරීමේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීම, පවත්වාගෙන යාම සහ පරිපාලනය කිරීම සඳහා ද; ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා මං සලසන පාඨමාලා සඳහා පහසුකම් සැලසීමේ දී අවශ්‍ය නෛතික යටිතල පහසුකම් සැලසීම පිණිස ද; 1999 අංක 36 දරන ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“විදේශ කටයුතු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1820 ට 2014 අගෝස්තු මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks