E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ
(ii)   2013 වර්ෂය සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iii)   1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනතේ 23 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 26 වැනි වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජූලි 10 දිනැති අංක 1870/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(iv)   2012 වර්ෂය සඳහා ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

කාලාවරෝධ (සංශෝධන)

(68 වැනි අධිකාරය වූ) කාලාවරෝධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 123 සිට 127 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග
(iii)    දාම්පේ, මී‍ගොඩ බෝධිවර්ධනාරාම ශ්‍රී මධුරසාම පිරිවෙන් විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iv)    නිමල් සිරිපාල ද සිල්වා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(v)    ලක්ෂ්මන් වසන්ත පෙරේරා ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 130 සහ 131 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i)    අල් - ජාමිඅතුල් ඉස්ලාමියියා අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)
(ii)   ශ්‍රී ලාංකීය උරුමයන් පදනම (සංස්ථාගත කිරීමේ)

පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 128,129,132 සහ 133 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i)    ද පේරන්ට්ස් පදනම (සංස්ථාගත කිරීමේ)
(ii)   ආසියානු ජපන් ශ්‍රී ලංකා හා ඇමෙරිකා ජර්මනි, සමාජයීය ආර්ථික හා මානව සම්පත් සංවර්ධන ජාත්‍යන්තර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iii)    සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)
(iv)    වල්පොල පියානන්ද අධ්‍යාපන සහ සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1720 ට 2014 ජූලි මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks