E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
(ii)   2013 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii)  2010 සහ 2011 වර්ෂ සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iv)  2012 වර්ෂය සඳහා සී/ස. කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව

 

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන

කාරක සභාවේ කාල සීමාව 2014 දෙසැම්බර් මස 21 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.

 

කල් තැබීමේ යෝජනාව

“රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික දීමනා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1842 ට 2014 ජුනි මස 20 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks