E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 1987 අංක 12 දරන ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනතේ 29 වැනි වගන්තිය යටතේ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 මාර්තු 14 දිනැති අංක 1853/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ii)    2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2014

(iii)    1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තියේ  (1) වැනි උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 නොවැම්බර් 30 දිනැති අංක 1734/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(iv)    2006 අංක 23 දරන පනතින් සංශෝධිත 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තියේ  (2) වැනි උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 නොවැම්බර් 30 දිනැති අංක 1786/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(v)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(vi)   2013 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විශ්වාස භංග යෝජනා‍ව

රජය කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනා‍ව විවාදයට ගෙන විවාදය හෙට දින දක්වා කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 මැයි මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks