E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ
(ii)   2011/2012 වර්ෂය සඳහා නෝත්සී සමාගමේ
(iii)  2012 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ
(iv)  2011 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ
(v)   2010 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

(vi)    2013 මුදල් වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ‍ජනරාල්ගේ කාර්යසාධන වාර්තාව

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ෆාතිහ් ආයතනය (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තව්ෆික් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධ ශාසන හා ආගමික කටයුතු  අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (අංක 1) - නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 112; විරුද්ධව 44)
(ii)    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (අංක 2) - නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 109; විරුද්ධව 44)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1920 ට 2014 මැයි මස 6 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks