E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ
(ii)    2012 වර්ෂය සඳහා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iii)    2011 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ
(iv)    2006 සහ 2007 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii)    ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු පියවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iv)    මුදල් නීති (සංශෝධන) පනත් කෙටුම්පත
(v)    රේගු ආඥාපනත යටතේ යෝජනාව
(vi)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(vii)    සුරාබදු ආඥාපනත යටතේ රීති
(viii)    සුරාබදු ආඥාපනත යටතේ නියමය

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපහාරය පුද කිරීමේ යෝජනාව

බංගලාදේශයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපහාරය පුද කළ යුතු යැයි වන විශේෂ යෝජනාව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්  ඉදිරිපත් කරන ලදුව, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ජෝන් අමරතුංග මහතා විසින් තහවුරු කරන ලදී.

 

පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 10 සිට 13 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i)    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)
(ii)    නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම්
(iii)    ර / කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (සංස්ථාගත කිරීමේ)
(iv)    මොහාන් ලාල් ග්‍රේරු පදනම (සංස්ථාගත කිරීමේ)

 

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 14 සහ 15 වශයෙන් සඳහන් වන) සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී:-

(v)    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)
(vi)    බෞද්ධ සිද්ධස්ථාන පුනරුත්ථාපනය කිරීමේ පදනම (සංස්ථාගත කිරීමේ)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1805 ට 2014 අප්‍රේල් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks