පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාව සහ 2008 අංක 40 දරන ජාතික මංමාවත් පනතේ 13 සහ 14 වැනි වගන්ති සමග කියවිය යුතු එම පනතේ 89 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඇ) ඡේදය යටතේ, ගාස්තු ගෙවිය යුතු ජාතික මහාමාර්ග භාවිතා කරන සෑම වාහනයකම රියැදුරෙකුගෙන් අය කල යුතු ගාස්තු පිළිබඳව ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2013 ඔක්තෝබර් 17 දිනැති අංක 1832/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ii) 2011 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ
(iii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ
(iv) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ
(v) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරියේ
(vi) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හා සංචාරක සංවර්ධන අරමුදලේ
(vii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ
(viii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ
(ix) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ
වාර්ෂික වාර්තා
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයතිලක පොඩිනිලමේ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-
1. එකතු කළ අගය මත බදු (සංශෝධන)
(2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා)
2. දේශීය ආදායම් (සංශෝධන)
(2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා)
3. ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)
(2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා)
4. ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)
(2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා)
5. විදුලි සංදේශ බදු (සංශෝධන)
(2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා)
6. විශේෂ වෙළඳ භාණ්ඩ බදු (සංශෝධන)
(2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සංශෝධනය කිරීම සඳහා)
7. සමාගම් (සංශෝධන)
(2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා)
8. ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු පියවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)
(2010 අංක 16 දරන ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා)
9. මුදල් නීති (සංශෝධන)
((422 වන අධිකාරය වූ) මුදල් නීති පනත සංශෝධනය කිරීම සඳහා)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1556 ට 2014 අප්‍රේල් මස 8 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks